කකුල් දෙකට නටන කොන්සර්ට් මට එපා

  • 16-07-2026

උමාරියා සිංහවංශගේ පළමු ඒක පුද්ගල ගී ප්‍රසංගය ඊයේ පෙරේදා දවසක හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා .

ඉතින් ප්‍රසංගයෙන් ඉනික්බිති උමාරියා විසිවසරක තම සංගීත ජීවිතයේ අත්දැකීම් ද සිහිපත් කරමින් කියූ කතාව අප ඔබට කිවයුතුම කතාවක් .


"මේ දවස්වල  අපිට දකින්න ලැබෙන්නේ කකුල් දෙකට කරන කොන්සර්ට්.හැබැයි අද කාලේ අපිට විඳින්න පුළුවන් ප්‍රසංග නැහැනේ.ඒකම තමයි මට මෙහෙම ප්‍රසංගයක් කරන්න හිතුණේ.අනික මගේ පැෂන් එක සංගීතය .මම කරන්න කැමතිම දේ සින්දු කියන එක.

හැබැයි  ඒ වුණාට මටත්  සමහර වේදිකාවලදී මගේ හැකියාවේ උපරිමය මට පෙන්වන්න විදිහක් නැහැ .ඒකට හේතුව මම ගොඩක් වෙලාවට සහභාගී වෙන්නේ සීමිත කාලවේලාවක් අපට ලබාදෙන ප්‍රසංගවලටනේ.

මාව කොහොමත් ලේසියෙන් වට්ටන්න බැරි  චරිතයක් .මගේ වටා හොඳ යාළුවෝ ටිකක් වගේම හොඳ මීනිස්සු ටිකක් ඉන්නවා.ඒ සහයෝගය නිසා මට කරන්න බැරි දෙයක් නෑ.

අපි හැමෝටම ජීවිතයේ කතාවක් තියෙනවා .මටත් තියෙනවා .මට ඕනෑ ප්‍රසංග වලින් ජීවත් වෙන්න කීයක් හරි හම්බ කරගන්න නෙවෙයි .හැමදාම අවදානමක් සහ අභියෝගයක් අරගෙන වෙනස් දෙයක් කරන්න.මට ඕනෑ මේ ක්ෂේත්‍රයේ ඉහළටම යන්න.අපි ජීවත් වෙන්නෙ කෙටි කාලයයි.මට ඕනෑ ඒ කෙටි කාලය තුළ සංගීතය වෙනුවෙන් මගේ හදවතට දැනෙන දෙයක් කරන්න......

ඒ තමයි උමාරියා......