කසාදෙටම ජීවිතය දිය කරන්න මම කැමති නෑ

  • 10-11-2025
  • Views 166

කසාදය දිව්‍ය ලෝකයක් වගේ දැනෙන අයත් , අපායක් වගේ දැනෙන අයත්,හිර ගෙයක් වගේ දැනෙන අයත් මේ ලෝකේ ඕනේ තරම් ...ඇති

ඒ කොහොම වුණත් කවුරු වුණත් කසාදයක් කරගන්නෙ නම් Love ,sex ,යුතුකම්,  වගකීම්  , මේ හැමදේම කර මතින් දරාගෙන ආතල් එකේ සොමියට බර දිවියක් වෙනුවෙන්.....ප්‍රශ්නය තියෙන්නේ අන්න ඒ සොමියට  බර දිවිය හම්බ වෙන්නෙ කීයෙන් කී දෙනාටද කියලා.....

ඕෂධී හේවාමද්දුම කසාදය ගැන කතා කළේ මෙහෙම දෙයක්

'මට ඕනෑ වුණේ  ගොඩක් සල්ලි හම්බ කරන්න....ලස්සනට අඳින්න රහට කන්න. ට්‍රැවල් කරන්න .මේ හැමදේම මට ඕනෑ  වුණා...
මම කසාද බැන්දේ අවුරුදු විසිදෙකේදි...හැබැයි කසාද බැන්දා කියලා දරුවෝ හදලා දරුවන්ගේ හස්බන්ඩ්ගේ වැඩ අතරේ ජීවිතය හිර කරලා තියන්න මම කැමති වුණේ නෑ.ගෙදර වැඩ විතරක් කරන හවුස් වයිෆ් කෙනෙක් වෙන්නවත් ඔහේ ගෙදරට වෙලා ඉන්න ගැහැනියක් වෙන්නවත් මං කොහොමත් කැමති වුණේ නෑ.......මගේ වාසනාවට මට හොඳ මහත්තයෙක් ලැබුණා..එයාට කවදාවත් ඕන වුණේ නෑ මාව ගෙදරට හිර කරලා තියන්න.තමන්ගෙ හීන වලට තමන්ට යන්න දෙන්නැති කෙනෙක් හම්බ වුණානම් මම වෙන් වෙන්නත් තිබුණා.....අපි කවදාවත් අපේ ජීවිතයේ හීන අත්අරින්න හොඳ නෑ...අම්ම කෙනෙක් වුණා  කියලා වයිෆ් කෙනෙක් වුණා  කියලා තමන්ගේ ජීවිතේ ගැන තමන් හිතන්න ඕනෑ...එහෙම නැත්නම් ඒක  අපරාදයක්


ඒක 100ට 1000ක් ඇත්ත කතාවක්.........මොකද ජීවිතේ තියෙන්නේ මැරෙනකම්ම දැනෙන්න හුස්ම ගන්න.....අත් නොහැර වැළඳ ගන්න.....