ජූනි 13 න් පසු අභී සින්දු කියන් නැත්තෙ ඇයි ?

  • 11-06-2026

දන්නවද ආදරේ නීතිය රිදුණු තරමට දැනෙනවා
දැනෙන තරමට රිදෙනවා.........................
අභී ගයපු පද පේළිවලින් මම ආසම පද පේළිය ඒක....

ඒ පද දිගේ මම ඇවිදිද්දි ඇය මුහුණු පොතේ මෙහෙම සටහනක් තියලා..

දන්නවද ? ඒක ලේසි ගමනක් නෙමෙයි...

ඒත් ඔබ නිසා , ඒ ගමනෙදි කිසිම තනියක් දැණුනෙ නෑ..

කොළඹ ~නිස්සාර මතකයක් නොවන්නට ! 

නුවර ~ ප්‍රේමය නම් නිදහසයි !

ගාල්ල ~  උපන් ගමට "අභී" !

අනුරාධපුර~  ප්‍රේමය ආඩම්බරයි!

රත්නපුර ~  ආදරෙයි  පරිස්සම් කරන්න!

කුරුණෑගල ~ හැමෝටම කලින්, ඔබ ඔබට ආදරය කරන්න !

යාපනය ~  ආදරේ කියන්නෙ සාමයට සමාන වචනයක්!

ජූනි 13 වෙනිදා නමුණුකුලට ....

8 වෙනි පළාතටත් ඔබ එනකල් මම  ආදරෙන් බලන් ඉන්නවා.. 

අභී!

මැයි 13 අභීගේ ,අභිෂේකා විමලවීරගේ ප්‍රසංගයක් පැවැත්වෙන්න නියමිතව තිබුණෙ බදුල්ලේ.
ඒත් හිටපු ගමන් ප්‍රසංගය අවලංගුවෙලා........

ඒත් ඒ බව නොදන්න සමහරු ප්‍රසංගය බලන දවසෙ නැවතිලා ඉන්න හෝටල් සහ වෙනත් නවාතැන් වෙන්කරගෙන ඒවටත් සල්ලි ගෙවලා වියදම් කරගෙන බදුල්ලෙත් ගියා......

අභිෂේකා විමලවීර ඒ මොකක්ද ඒ කළේ ? එහෙම අහපු ශ්‍රාවකයොත් නොහිටියා නෙවෙයි .....

ඒ ප්‍රශ්නයට අභි දුන්නෙ මෙහෙම උත්තරයක්...


මම මේ ගෙවන්නෙ මගේ ජීවිතයේ අසීරුම කාලයක්...ගිය මාසෙ 13 බදුල්ලෙ  තියන්න තිබුණු මගේ Show එක කරගන්නම බැරි හේතුවක් නිසා කැන්සල් කරන්න මට සිද්ධ වුණා...

Q හේතුව? 

හේතුව මගේ අම්මා.අප්‍රේල් 12 සිද්ධ වෙච්ච යම් සිද්ධියක් නිසා මගේ ජීවිතයේ නොහිතුව ප්‍රශ්න හුඟකට මුහුණ දෙන්න මට  සිද්ධ වුණා.

මගේ අම්මා මට කියන දෙයක් තමයි ඔයා තාත්තා වෙනුවෙන් සින්දු ලියුවට අම්මා වෙනුවෙන් තාම එහෙම  සින්දු ලියලා නෑ කියලා...

අම්මා කියපු ඒ කතාව දැන් මගේ හිතට වද දෙනවා....

තාත්තා නැති වුණාට පස්සෙ මම කරපු හැම Show එකකදීම මම තාත්තට පුටුවක් වෙන් කළා....ඊට එහා පැත්තෙ පුටුවෙ ,ඒ කියන්නෙ හිස් පුටුවක් එක්ක අම්මා ඉඳගෙන හිටියා.....ඒත් කවදාවත් මට ඒ පුටුව  හිස් පුටුවක් විදිහට පෙනුණේ නෑ......

එදා මගේ Show එක කැන්සල් වුණ බව නොදැන හෝටල් වෙන් කරගෙන බදුල්ලට ගිය මගේ ආදරණීය ශ්‍රාවකයන් හිටියා.ඒ අයගෙන් මම සමාව ඉල්ලනවා.ඒ හැමෝම මාව තේරුම් ගත්තා .මට බැන්නෙ නෑ.දොස් කීවෙ නෑ.ඒ අය කීවේ අපි ආයෙත් ජූනි 13  show එකට බදුල්ලට එනවා කියලා......


මැයි 13 නොපැවැත්වුණු අභීගේ Show එක ඔන්න ජූනි 13 බදුල්ලේදී පැවැත්වෙනවා.

තව 5000 Tickets 50 ක් ඉතුරුවෙලා තියෙනවා...ඒ ඇරෙන්න ඉතුරු  Tickets ඔක්කොම විකිණිලා ඉවරයි.........

එහෙම තමයි අභී කියන්නෙ......

Q.ඉතින් ඊට පස්සෙ  ?

කාලෙකට මම සියලුම සංගීත කටයුතුවලින් ඈත්වෙනවා....කාලෙකට මම මගේ රසිකයන්ගෙන් ඒ විදිහට සමුගත්තත් Facebook එකෙන් මම එයාලට කතා කරනවා.එයාලා වෙනුවෙන්  ලියනවා......


බදුල්ලෙ ප්‍රසංගයෙන් පසු අම්පාරේ ප්‍රසංගයක් සැලසුම් කරලා තිබුණේ....ඒක මගේ මේ සමුගැනීමත් එක්ක තව මාස කිහිපයක් යනකම් කෙරෙන්නෙ නෑ......

අභී කතා කළේ හුඟාක් සංවේදීව .
ජීවිතය කියන්නෙ ඉල්ලන දේවත් ලැබෙන දේවත් නෙවෙයි ....හොයාගෙන යන දේ...........

ගීතය සංගීතය කියන්නෙම  දෙවියන් දුන් දෙයක් අභී......ඒ නිසා ඒ දෙයට හැමදාමත් ආදරය කරන්න