මොන ගින්දර ඇවිළුණත් පියුමි සීතල හොයාගෙන ගිහින්

වෙන්න තියෙන අලකළංචි ඔක්කොම එකපිටට එක වුණත් පෙරළුණු පිට හොඳයි කියලා ඉන්න ගෑනු මිනිස්සු මේ ලෝකයේ ඕනෑ තරම් ඉන්නවනෙ..පියුමි හංසමාලි කියන්නෙත් එහෙම චරිතයක්.
පියුමිගෙ ක්‍රීම් බිස්නාස් එක හින්දා දා ගත්ත ලෙඩ කෝටියක් එක්ක පහුගිය කාලයේ මාතෘකාවක් වුණ පියුමි ඊලගට ඇවිලුනේ Boy Friend ගෙ ප්‍රශ්නෙත් එක්ක.....
එළිපිටම හිටු කියලා දෙන්නා මඩ ගහගත්තා තලි පිටින්...
ක්‍රීම් කතාවට අදාළව පහුගිය දවසක එක්තරා සමාජ මාධ්‍යක් මෙහෙම පුවතක් පල කරලා තිබුණා.
"නීතිපති උපදෙස් ප්‍රමාදය නිසා පියුමි හංසමාලිගේ බදු නඩුව බහා තැබේ
රුපියල් ලක්ෂ 4190ක දේශීය ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී සිටින ප්‍රකට නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ විරංජිත් තාබුගල යන අයට එරෙහිව පවරා ඇති නඩු දෙක නීතිපති උපදෙස් ලැබෙන තෙක් බහා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා නියෝග කළේය.
දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පවරා ඇති මෙම පැමිණිලිවලට අනුව වගඋත්තරකාර පියුමි හංසමාලි රුපියල් ලක්ෂ 2250ක මුදලක් සහ විරංජිත් තාබුගල රුපියල් ලක්ෂ 1940ක මුදලක් වශයෙන් රජයට ගෙවිය යුතු බදු මුදල් පැහැර හැර ඇති බවට චෝදනා කර තිබේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දන්වා සිටියේ අදාළ විමර්ශන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බවයි. එම විමර්ශනවලට අදාළ උධෘත ගොනු ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, එහෙත් ඒ සම්බන්ධයෙන් වන නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් ඔහු අධිකරණයට කරුණු පැහැදිලි කළේය"
ඒ තමයි ඒ කතාව.ප්‍රශ්න එද්දි ලෝකෙම එපා වෙලා වගේ නොකා නොබී වැලපි වැලපි ඉන්න ගෑනු මිනිස්සුන්ටනම් ඇත්තටම පියුමි කියන්නෙ Role modle එකක් වගේ.
මොනවා වුණත් එයා එයාව අත් හරින්නෙ නෑ...පහුගිය දවස්වල පියුමි පුතා එක්ක නුවරඑළියෙ ගිහින් ඒ විත්තිය බුකියෙ කීවෙ පින්තූරත් එක්ක.
ජිම් යනවා කනවා බොනවා party යනවා.....
නැව ගිලුණත් බෑන් චූන් කියන්නෙ මෙහෙම චරිත තමයි





