මනේජ් සංජය මහණ වුණාද?

  • 16-06-2026

මනේජ් සංජය මහණ වුණාද ? එහෙම කතාවක් යද්දි  ඇත්තටම  මනේජ් මහණ වෙලාද කියලා හුඟාක් අය අහන්න ගත්තා.

මනේජ් සංජයගෙ වට්ස්ඇප් එකට හෝ ගාලා මැසේජ් ආවා මේක අහලා. මේක සමාජ මාධ්‍ය කැළඹූ ලොකු මාතෘකාවක් වුණා. ඒ හැම කතාවටම මනේජ් සංජය ලයිව් ඇවිත්  උත්තර දුන්නේ මෙහෙමයි.

ඇත්තටම මනේජ් කියන්නේ එළිමහන් ප්‍රසංග වේදිකාවේ තමන්ටම  අනන්‍ය ස්වභාවයක් නිර්මාණය කරගත්ත    ප්‍රේක්ෂක හදවත් දිනාගත් කා අතරත් ජනප්‍රිය ආදරණීය ගායන ශිල්පියෙක් .

 "මනේජ් සංජය සංසාරේ කලකිරිලා මහණ වෙලා" . මේ කතාව අහපු හුගාක් රසිකයන්   සහ හිතවතුන් දිගින් දිගටම මනෝජ්ට  ඇමතුම් ලබා දෙන්නට පටන් ගත්තා.

 මේ ප්‍රශ්නයට උත්තර දෙන්න  මනේජ් සංජය තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමට විශේෂ වීඩියෝවක් එකතු කළා.


"මම කැමති නෑ මෙහෙම Negative දේවල්වලට උත්තර දෙන්න.

"මට දිගටම ඔයාලගෙන් කෝල් එනවා 'මනේජ් අයියා මහණ වෙලාද' කියලා. මම මේ වීඩියෝ එක දැම්මෙත් ගොඩක් කල්පනා කරලා. කෝල්ස් ගොඩයි, වට්ස්ඇප් එක පිරෙන්න මැසේජ් තියෙනවා. කවුරු හරි පේජ් එකක ෆේක් නිවුස් එකක් දාලා තියෙනවා. සමහර විට රිච් බලාගෙන වෙන්න ඇති, එහෙමත් නැත්තම් කියක් හරි හොයාගන්න වෙන්න ඇති. ඒකට මගේ කිසිම තරහක් නෑ..."

"හැබැයි කෙනෙකුගේ ඇත්තම ගරුත්වයට හානි නොවෙන්න දේවල් කරන්න. කෙනෙකුට හානියක් නොකර ඔය වගේ දේවල් (විව්ස් ගන්න) කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. මම මහණ වුණොත් සසුනත් ඉවර වෙනවා... (සිනාසෙමින්). මම එහෙම දෙයක් හිතලවත් නෑ. පේනවනේ මං ඉන්න විදිය, හොඳට ඉන්නවා. ජය වේවා... හැමෝටම ආදරෙයි!"

එහෙම තමයි රසික ශ්‍රාවක කුතුහලයට මනේජ් උත්තර දුන්නෙ