මිලියන දෙකක් කළු කුමාරයා සොයා යයි

  • 17-06-2026

යකෙක් වුණත් මොකද  ආදරණීය පිරිමි පපුවක් තියෙන පිරිමියෙක්නම්.....
ඔයාට කවදාහරි එහෙම හිතිලා තියෙනවාද ? 
කළු කුමාරයා කියන සංකල්පයට තියෙන්නෙත් ඒ වගේම ඓතිහාසික වටිනාකමක්.
කළු කුමාර සංකල්පය කේන්ද්‍ර කරගෙන ලියපු ගීතයක් තමයි මනමාල කතා.......
මනමාල කතා ගීතයේ පද රචකයා සමිත පෙරේරා. සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ .ගීතය ගයන්නේ කාංචනා අනුරාධි.
ගීතයේ රූප රාමුවේ රඟපාන්නෙ සජිත ඇන්තනි එක්ක කාංචනා අනුරාධි 

සජිත කියන්නෙ වසර ගණනාවක් තිස්සේ කළු කුමාරයා සංකල්පය ගැන අධ්‍යනය කරන කෙනෙක්.සජිතගෙම වචනවලින් සජිත ඒ ගැන කීවෙ මෙහෙමයි.

"මම Campus එකේ ඉන්න කාලෙ ඉඳන් කළු කුමාර සංකල්පයට හරි ආසයි..මම අවුරුදු ගණනාවක් තිස්සේ ඒ ගැන අධ්‍යනය කරනවා.......ඉදිරියේදී කළු කුමාර සංකල්පයත් එක්ක මම ලියපු තිර පිටපතක් මම සිනමාවටත් ගේනවා.එහි ප්‍රධාන නිළියත් කාංචනා අනුරාධිමයි......

ඒ කියන්නෙ කළු කුමාරයා කතාව මෙතෙකින් ඉවර නෑ .ඒක තව ඇදි ඇදී දිගටම යනවා සජිත සහ අනුරාධි ත් එක්ක......

ඉතින් මනමාල කතා YouTube ඔස්සේ අහපු පිරිස ලක්ෂ 2 ඉක්මවද්දී අනුරාධි එයාගෙ Facebook  ගිණුමෙ මෙහෙම සටහනක් තබලා තිබුණා.

WORLDWIDE TRENDING ON YOUTUBE CHARTS  | 2 MILLION+ VIEWS

From Sri Lanka to the world… 

“මනමාල කතා” ගීතය මේ වන විට Worldwide YouTube Trending Charts වෙත එක්වී ඇති බව ඉතාමත් සතුටින් දැනුම් දෙමි. 

මෙය ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට හිමිවූ අභිමානවත් ජයග්‍රහණයක් මේ ගමනේ පියවරක් පාසා මා සමග සිටි, ගීතය ආදරයෙන් වැළදගත් ඔබ සැමට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි..... 

ආදරයෙන්,
කාංචනා අනුරාධි 

Manamala Katha is now trending on the Worldwide YouTube Charts 

This is a proud moment for Sri Lankan music, and my heart is filled with gratitude and happiness. 

Thank you for every view, every share, and all the love you’ve shown this song. Thank you for carrying Manamala Katha in your hearts. 

With love,
Kanchana Anuradhi 

කළු කුමාරයා ගැහැනුන්ගෙ හිත් අස්සෙ කොතැනක නැවතුණත් මට අහන්න හිතෙන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.
කළු කුමාරයා කියන්නේ එක හිතක් ළඟ නැවතුණ හෝ නැවතෙන පිරිමියෙක්වත් යක්ෂයෙක්වත් නෙවෙයි .
එතකොට කුමාරයෙක් වුණත් යක්ෂයෙක් වුණත් කළු කුමාරයා කියන්නෙත් හුඟාක් පිරිමි අතරෙ තවත් එක් පිරිමියෙක් විතරද කියලා.