රිසානාට දුන් තිලංගලාගෙ කෝටිගණන් සල්ලි ඉල්ලෙද ?

සිනමාවේදී චන්ද්‍රන් රත්නම් සත්‍ය කතාවක් ඇසුරින් Father Mathews චිත්‍රපටය නිර්මාණය කළත් එය අදටත් ලංකාවෙන් එහා ප්‍රදර්ශනය තහනම්.
ඉකුත් වසරේදී සිනමාවේදී චන්ද්‍රන් රත්නම් සෞදියේදී හිස ගසා දැමූ රිසානාගේ ජීවන කතාව ඇසුරෙන් රිසානා නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ආරම්භ කළ අතර .රිසානාගේ චරිතයට ජීවය දෙනු පිණිස හැටන්හි ජීවත්වෙන ජීවත්වෙන දමිළ යුවතියක් තෝරාගත්තාය. එමෙන්ම රිසානා සිනමා කාව්‍ය සඳහා හොලිවුඩ් සහ බොලිවුඩ් නළු නිළි යුවලක් ද ලංකාවට පැමිණියහ. ව්‍යාපාරික තිලංග සුමතිපාල රිසානාහි නිෂ්පාදන පිරිවැය දැරූ අතර චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භයෙදී චන්ද්‍රන් රත්නම් මුහුණ දුන් ගැටලුවක් වූයේ රිසානාගෙ පවුලේ අයගෙන් නිසි නිත්‍යනුකූල අවසරයක් නොගෙන චිත්‍රපටය නිර්මාණය කිරීම සම්බන්ධවය..
සැබැවින්ම අප දන්නා සත්‍ය තොරතුරු අනුව රිසානාගේ ජීවිතය අළලා චිත්‍රපටයක් කිරීම උදෙසා රිසානාගේ පවුලේ අයගෙන් ලිඛිත අවසරය හිමිවී ඇත්තේ මේ වෙද්දී ලාංකික සිනමාවේ වගකීම් සහිත තනතුරක් හොබවන සිනමා අධ්‍යක්ෂවරයෙකුට පමණි .
එහෙත් ඒ සියල්ල නොතකා හැර චන්ද්‍රන් රත්නම් රිසානා නිමැවූයේය.
එහෙත් දැන් චන්ද්‍රන් ට නොව නිෂ්පාදක තිලංග ට අලුත්ම නඩුවකි.
ඒ පිළිබඳව මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරිනි .
" චන්ද්‍රන් රත්නම්ගේ අවසරයක් නැතිව ‘රිසානා’ ලෝකෙට පෙන්නන එක සුමතිපාලලාට තහනම් කළා...
ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ හා සම-නිෂ්පාදක චන්ද්‍රන් රත්නම්ගේ අවසරයකින් තොරව, මීට පෙර ‘Rizana: A Caged Bird’ ලෙස නම්කර තිබූ, වර්තමානයේ ‘Rihanna’ ලෙස නම්කර ඇති චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම, නිකුත් කිරීම, බෙදාහැරීම, විකාශය කිරීම, විකිණීම හෝ වෙනත් කිසිදු ආකාරයකින් වාණිජමය වශයෙන් භාවිත කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහා අධිකරණය විසින් ජගත් සුමතිපාලට සහ සුමති ස්ටුඩියෝස් ආයතනයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර විසින් මෙම වාරණ නියෝගය නිකුත් කරන ලද්දේ චන්ද්‍රන් රත්නම් විසින් ගොනුකරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය.
විත්තිකරුවන් තමන්ගේ දැනුවත්භාවයකින් හෝ බලයකින් තොරව චිත්‍රපටයේ නම වෙනස් කර, එහි අන්තර්ගතය වෙනස් කරමින් සහ නිර්මාණාත්මක අයිතිය වෙනත් පාර්ශ්වයන් වෙත පවරමින් එය වාණිජමය වශයෙන් භාවිත කිරීමට උත්සාහ කරන බව පැමිණිලිකරු චෝදනා කරයි.
එමෙන්ම, චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ කතෘත්වය පැමිණිලිකරු නොවන වෙනත් පුද්ගලයන්ට පවරමින්, එහි ජවනිකා වෙනස් කිරීමට, නැවත රූගත කිරීමට හෝ තෙවන පාර්ශ්වයන් වෙත අයිතිවාසිකම් පැවරීමට උත්සාහ කරන බවද පැමිණිල්ලේ සඳහන් වේ.
පැමිණිලිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙම චිත්‍රපටයේ මුල් සංකල්පය, අධ්‍යක්ෂණය සහ සම-නිෂ්පාදනය චන්ද්‍රන් රත්නම්ගේ අසමසම නිර්මාණාත්මක දැක්ම සහ කලාත්මක ප්‍රකාශනය බවයි.
බුද්ධිමය දේපළ පනත යටතේ නිර්මාණකරුවකුගේ අයිතිවාසිකම් සහ කතෘත්වය ආරක්ෂා කර ඇති බවත්, අවසරයකින් තොරව චිත්‍රපටයේ අන්තර්ගතය වෙනස් කිරීම සහ භාවිත කිරීම මගින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
සෞදි අරාබියේ සේවය සඳහා ගොස් පසුව මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකික බාලවයස්කාර ගෘහ සේවිකාවක වූ රිසානා නෆීක්ගේ ඛේදජනක කතාපුවත ඇසුරින් මෙම ‘Rizana: A Caged Bird’ චිත්‍රපටය නිර්මාණය කර තිබේ.
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහු දෙන අඩන්තේට්ටම් සහ තරුණ කාන්තාවන්ගේ අනාථභාවය පිළිබඳ පණිවිඩය ලෝකයට ගෙනයෑම තම මානුෂීය සහ කලාත්මක වගකීමක් ලෙස සලකා චන්ද්‍රන් රත්නම් මෙම නිර්මාණය සිදුකර ඇත.
ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සමඟ නීතිඥ ලක්නාත් සෙනෙවිරත්න, නදුනි මාදරා සහ යශෝධා ප්‍රනාන්දු යන පිරිස Invictus Law ආයතනයේ උපදෙස් මත පැමිණිලිකාර චන්ද්‍රන් රත්නම් වෙනුවෙන් පෙනීසිටියහ. "
චිත්‍රපට කලාව කර්මාන්තයක් ලෙස ස්ථාපිත කිරීම අවශ්‍යම වාතාවරණයක චිත්‍රපට නිෂ්පාදකවරයා රැකගැනීම අවශ්‍ය ම කරුණකි.
එහෙව් වාතාවරණයක මොකක්ද මේ වෙන්නේ...........




