ලොකු අයියට පතුරු යන්න බැන්නෙ ඇයි?

  • 14-07-2026

දැන් මම සම්මාන 40 ක් විතර අරගෙන තියෙනවා ....රිවස්ටන් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ලෝකයේ හොඳම නළුවට හිමි සම්මානයත් එක්ක...

මේ මෑත දවසක ච්ත්‍රපටයක මුහුරත් උත්සවයකදී මහේන්ද්‍ර පෙරේරා එහෙම කීවේ ජයික් හිල්ටන් එකේදී .එයා ඉතින් හුඟාක් අයගෙ ලොකු අය්යනේ.ලොකු අය්යට ඒ අස්සෙ එකෙක් පතුරු යන්න බැනලා තිබුණා.ඒ මොකටවත් විනිශ්චයන් දෙන්න අපි හදිස්සි වෙන්නෙ නෑ..මෙන්න මෙහෙමයි ලොකු අය්යගෙ  රෙදි ගැලවෙන්න දුන්න එකා දීලා තිබුණෙ....


"මිනිස්සුන්ගෙ තියනවා ඇඟෙන් ගලවන්න ඕන කෑල්ලක්...මෙන්න මේ ඇකඩමි අයියගෙ ගලවන්න ඕන මේ රවුම් කණ්ණාඩි දෙක...ශූටින් වලදිනම් ගලවලා එයාගේ දක්ෂකම් දානවා...හැබයි ඇකඩමියේ උගන්වන වෙලාවට ගලවන්නේ නැද්ද කොහෙද...මොකද ඒකෙන් ඉගෙනගෙන එන එකෙක්ටවත් රඟපාන්න බැ..එක්කො ලොකු අයියගෙ ඇකඩමියට ගිහින් ආවේ කියාගන්න සතියක් විතර ගිහින් එනවද කොහෙද...මේ ලොකු අයියත් මේ බෝතල් කණ්ණාඩි දෙක දාගෙන ඇවිත් මූණේ  ඉරියව්වත් පෙන්නන්නෙ නැතිව...පැත්තට හිනාවෙලා නල දත එලියට දාලා යනවද කොහෙද...ඕකෙන් ආපු එකම එකයි හරියට දක්ෂ එකෙක්ට දැක්කේ...නම මතක නෑ...පොඩී කියලා කියන්නේ..."එයා දැන් බැඳලා" එකේ “මනී" කියන රෝල් එකට හිටියා ඒ නළුවා .ඌට මම ලව්.ඌ දක්ෂයා. පොරගෙන් වැඩ ගත්තේ නැති තරම්..
රඟපාන්න බැරිව බොරු ඕවර් ඇක්ටින් දාන හැම කෙනාම මේ ලොකු අයියගෙ ඇකඩමියෙන් ආවා කියලා යූස් කරනවද කොහෙද අප්පා ...එක්කො ලොකු අයියට උගන්වන්න බෑ...රඟපාන්න පුළුවන් එයාට ආවේණික ...ඒත් උගන්වන්න බෑ"


අන්න එහෙම තමා කියලා තිබුණෙ