සිනමාවේදී තාත්තාට පුතාගෙන් ආදර හසුනක්

  • 23-07-2026

සම්,මස් ,ලේ ,නහර ඇටමිඳුළු විනිවිද ළය ලෙයටම දැනෙන අසීමාන්තික ස්නේහ සරාගයේ දාරක ස්නේහයත් සසර මඟ අත් නොහැර අත නෑර පැමිණිය සෙයකි.


ඒ තාත්තා ෂර්ලි පී දෙලංකාවලය.
හන්තානට ඇහෙනවද ?

ඔව් ඉතින් මේ දවස්වල හන්තානට ඇහෙනවද 
සිනමාමය කාව්‍ය ඔස්සේ සිනමාමය මාවතක ඇවිදිමින් හිඳින මේ හිතවතාණන් එයාගේ ආදරණීය පුතාගෙන් ආව  whatsapp  පණිවිඩයක් ගැන මෙහෙම සටහනක් තියලා තිබුණා.

ඒ වචන ,ඒ වචන මත අතුරාන දැවටිච්ච පුත්‍ර හදවතක පීතෘ ස්නේහ ධාරාව අනේ මොනතරම් නම් අපූරුද කියලා අනේ ඉතින් මට හිතුණා.

ඉතින් හෙමින් කියවනවද...........?
කියවන ගමන් ඉඹිනවද?
අකුරු අස්සෙ හංඟපු ආදරය.......

 

අද මම හන්තාන කඳු මුදුනේ පිහිටි Sky loft Hotel හි රූපගත කිරීම් සිදු කරමින් සිටින විට හදිසියේම WhatsApp message එකක් ආවා. 

(ඉංග්‍රීසියෙන් ආවේ, මම ඒක සිංහලට පරිවර්තනය කරල පහලින් දැම්මා)

ජීවිතය දිනනවා කියන්නේ භෞතිකව, අපි ලබන ජයග්‍රහණයන් පමණක්ම නෙවෙයි කියලා මට හිතුනේ පවතින මානසික සුවය තව දුරටත් mortivate කරන්නට තරම් ඒ message එක මොනතරම් බලපෑමක් සිද්ධ කලාදැයි කියලා සිතුන විටයි.

මේ ඇති....
මට happy.....
(පහළින් තියෙන්නේ ඒ message එක)

To my pops, whom I haven’t given nearly enough credit, and I’m ashamed of that.

There was a time back in school when I was appointed Senior Prefect. We got to wear a darker, long sleeved shirt as part of our uniform.

I had always been used to folding my sleeves up whenever I wore a long sleeved shirt. One day, while I was on duty at school with my sleeves folded, our school disciplinarian, a former high ranking cadet officer, and apologies for not knowing the proper designation walked up to me and asked:

“Is your dad in the forces? Or was he in the forces?”

I replied, “No.”

I’ve encountered a few more situations like this over the years. But I’ll stick to the one that stayed with me the most.

Reliving these moments made me realise something.

Army strict? My Dad?

Maybe not in the literal sense.

But he was strict.

The strength. The commitment. The intelligence. The drive to win.

The qualities he carried and the way he used them to mould me into who I am today were strong enough for people who had never even met him to notice the level of discipline I had been raised with.

Call it strictness. Call it extreme discipline. Call it “army strict.”

And I want to make something very clear: I don’t see that level of discipline as a bad thing. It differs from person to person. Most people can’t handle it. I don’t even know if I could ever reach that level of discipline myself.

But he did it right.

I honestly wish I had seen it sooner.

He did it right.

He never, ever failed as a father.

I’m proud of what I know I can accomplish because I grew up watching him climb the ladder of success. Watching his strength, his drive, and the way he kept moving forward.

My forever hero.

I’m proud to be your son.

I love you, Boss.

(සිංහල පරිවර්තනය )

මගේ තාත්තාට...

ඔබට හිමිවිය යුතු ගෞරවය මම කිසිදා ප්‍රමාණවත් ලෙස ලබා නොදුන් පුතෙකු ලෙස අද මට ලැජ්ජාවක් දැනේ.

පාසල් සමයේ එක් අවස්ථාවක මාව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙස පත් කළා. එම නිලයට හිමි වූ නිල ඇඳුමට අඳුරු පැහැති, දිග අත් සහිත කමිසයක් ඇතුළත් වුණා.

දිග අත් කමිසයක් ඇඳි සෑම අවස්ථාවකම එහි අත් නමා ගැනීම මගේ පුරුද්දක්.

එක් දිනක්, පාසලේ රාජකාරියේ යෙදී සිටියදීත් මගේ කමිසයේ අත් නමාගෙන සිටියා. එවිට විනය භාර ගුරුතුමා—ඉහළ නිලයක් දැරූ හිටපු කැඩෙට් නිලධාරියෙකු—මා ළඟට පැමිණ මෙසේ ඇසුවා.

"ඔයාගේ තාත්තා හමුදාවේද? නැත්නම් කලින් හමුදාවේ සේවය කළ කෙනෙක්ද?"

මම පිළිතුරු දුන්නා.

"නැහැ, සර්."

ඒ වගේ ප්‍රශ්න ජීවිතයේ තවත් අවස්ථා කිහිපයකදීම මට අහන්න ලැබුණා. ඒත් මගේ හිතේ වැඩියෙන්ම රැඳී තිබුණේ මේ සිදුවීමයි.

අද ඒ මතකයන් යළි සිහිපත් කරන විට මට යමක් තේරෙනවා.

හමුදා විනයක් වගේ දැඩි තාත්තා කෙනෙක්ද?

සැබෑ අර්ථයෙන් නම් එහෙම නොවෙන්න පුළුවන්.

ඒත්...

ඔහු දැඩි මිනිසෙක්.

ඔහුගේ ශක්තිය. කැපවීම. බුද්ධිය. ජයග්‍රහණය වෙනුවෙන් තිබූ අධිෂ්ඨානය.

ඒ සියල්ලෙන්ම ඔහු මාව හැඩගැස්වූ ආකාරය එතරම් ප්‍රබල වුණා. ඔහුව කිසිදා හමු නොවූ මිනිසුන් පවා මම හැදී වැඩුණු විනයේ ගැඹුර හඳුනාගත්තා.

එය දැඩි බවක් කියන්න.

අතිශය විනයක් කියන්න.

නැත්නම් "හමුදා විනය" කියන්න.

කෙසේ හැඳින්වුවත් මට ඒ ගැන කිසිදු අසතුටක් නැහැ.

එවැනි විනයක් හැමෝටම දරාගන්න බැහැ. මටවත් එතරම් ඉහළ විනයක් කවදා හෝ අත්කරගන්න පුළුවන්ද කියලා මම දන්නෙත් නැහැ.

ඒත්...

ඔහු ඒ දේ හරියටම කළා.

ඒක මට මීට කලින් තේරුම් ගන්න තිබුණා නම් කියලා අද මට හිතෙනවා.

ඔහු ඇත්තටම ඒක හරියටම කළා.

තාත්තා කෙනෙක් ලෙස ඔහු කිසිදා අසමත් වුණේ නැහැ.

අද මට කළ හැකි දේ ගැන මම ආඩම්බර වෙන්නේ, සාර්ථකත්වයේ ඉණිමඟ එකින් එක නැඟ යන ඔබව බලාගෙන මම හැදී වැඩුණු නිසා.

ඔබේ ශක්තිය.

ඔබේ අධිෂ්ඨානය.

කිසිදා නතර නොවී ඉදිරියටම ගිය ඔබේ ගමන.

ඔබ සැමදාම මගේ වීරයා.

ඔබේ පුතා වීම ගැන මම අසීමිත ආඩම්බරයෙන් ඉන්නවා.

ආදරෙයි, බොස්.