සඳ දඩයමේ නළුවන් නිරුවතින්

ඩබ්ලිව් .ජයසිරි සහ මහේන්ද්‍ර පෙරේරා ඇයි නිරුවතින් ඩබ්ලිව්. ජයසිරි රඟපෑ අවසන් චිත්‍රපටය වශයෙන් සිංහල සිනමාවට එක් වෙන්නෙ ඉදිරියේදී තිරගත වීමට නියමිත සඳ දඩයම චිත්‍රපටයයි.මම දන්න විදිහට ඒක එහෙමයි. . ඒ කොහොම වුණත් මම හිතන්නේ ඩබ්ලිව් .ජයසිරි නිරුවතින් රඟපෑව අවසන් චිත්‍රපටය විදිහට නම් සඳ දඩයම ලාංකික සිනමාවට එකතු වෙනවා. ඒක විශ්වාසයි.
මහේන්ද්‍ර පෙරේරාත් සඳ දඩයමේ රඟපානවා. ඒ රඟපාන්නෙත් නිරුවතින්.
වෙසඟනකගේ චරිතයක් හා කෞෂල්‍යයා ප්‍රනාන්දු හුස්මක් ගන්න සඳ දඩයම සිනමාවේදී අශෝක හඳගමගේ සිනමාමය අධ්‍යක්ෂණයක් .
ආචාර්ය බන්දුල ගුණවර්ධන, ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සහ ජයන්ත නවරත්න නිෂ්පාදන දායකත්වය දරන සඳ දඩයමේ තේමා පාඨය වන්නේ සඳ සාක්කි දුන් ඉතිහාසයක කතාව යන්නයි.
ආදරය මනුෂ්‍යත්වය සහ ගෞරවය ටයර් සෑ මත දවාලූ ඉතිහාසයක් කේන්ද්‍රීයව මානුෂීය හැඟීම් සමඟ ප්‍රකෘතිමය චාරිකාවක් යන සඳ දඩයම කෙතරම් දුරට ලාංකික රසිකාගාරය වැළඳ ගනීද ?
මේ සඳ දඩයම අබියස නැගෙන ප්‍රශ්නාර්ථයක්.!
සැබැවින්ම සඳ දඩයම තේරුම් ගැනීම සහ එහි අර්ථය ලිහා ගැනීම සරල රස වින්දනයක් සොයා යන එවන් වින්දනයක් අපේක්ෂා කරන ප්‍රේක්ෂකයන්ට සරල කාරණයක් නම් නෙවෙයි .මොකද එම සිනමාමය භාෂාව ආමන්ත්‍රණ කරන්නේ ප්‍රේක්ෂකයන්ගෙ හදවතට විතරක් නෙවෙයි හින්දා.
සඳ දඩයම විශේෂ දර්ශනය බලන්න හිටපු දේශපාලඥයන් වන කරූ ජයසූරිය, රාජිත සේනාරත්න, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැනි පිරිසක් ඇවිත් හිටියා.
මනුෂ්‍ය හැඟීම්වල ප්‍රකෘතියටම කිඳා බැස එම හැඟීම් සියුම් ලෙස විශ්ලේෂණය කරමින් එය සිනමාමය කවුළුවකින් විවරණය කිරීමට ගත් උත්සාහයක්ද සඳ දඩයම තුළින් පිළිබිඹු වෙනවා....
සඳ දඩයම බැලූ කෙනෙක් එහෙම කියනවා....
ඇයි ඔබ සඳ දඩයම නිර්මාණය කළේ?
මොනවද ඔබ සඳ දඩයම තුළින් කියන්න අපේක්ෂා කළේ ?
මෙතරම් සංකීර්ණමය සිනමාමය ශානරයක් ඔබ තෝරා ගත්තේ ඇයි ?
ඔබ හිතනවද සඳ දඩයම තුළින් ඔබ කියන්න උත්සාහ කළ දේ බහුතරයක් ශ්‍රී ලාංකික රසිකාගාරයට තේරෙයි කියලා ?
මේ වගේ ප්‍රශ්න හුඟකට උත්තර ඉල්ලන්න වෙන්නෙත් අශෝක හඳගමගෙන්ම තමයි.
සඳ දඩයම බැලූ තව කෙනෙක් එහෙම ලියනවා.....
එහෙත් අපි සඳ දඩයම බැලුවට ප්‍රේක්ෂකයන් තවම සඳ දඩයම බලලා නෑ .ඒ නිසා ප්‍රේක්ෂකයන් ඉදිරියට එන දවසක් වෙනකම් ඒ ප්‍රශ්නවලට අපි උත්තර නොඉල්ලා ඉමු.
