සිංහල දන්න - නොදන්න ඔක්කොම හිනස්සන මරු ඩබලක්

  • 05-01-2026
  • Views 161

එකෙක් එහේ .....එකෙක් මෙහේ.....ඒ..එකෙක්  දිලිප් තේජන...අනික් එකා චමත් හසරංග.....තේජන ඉන්නෙ නවසීලන්තයේ......චමත් ලංකාවේ.......අඩා ඩා එහෙම ඉඳන්ද මුන්  මරු ඩබලක් කරන්නෙ...... සිරි වෙන්ට සිරික්කිය වැක්කෙරෙද්දී ....

වැක්කෙරිලා උතුරද්දි  සිංහල දන්න නොදන්න  ඇස් පේන කන් ඇහෙන ඕනෑ එකෙක්ට පට්ට ආතල් එකක් නෙවෙයි ආතල් කෝටියක්ම දෙන කවුද යකෝ මේ යක්ෂයෝ දෙන්නා...ඒ යක්ෂ අලුගුත්තේරු නාහෙට නාහන ....එහෙම හිතුණට එහෙම නැති Talent සැලඩ් එකක් වෙච්ච මේ සිරා  බුවාලා දෙන්නා තමයි දිලිප් තේජන සහ චමත් හසරංග


ඔයා බලලා තියෙනවාද මරු ඩබලක් ......
නැහ් ....ගාගෙන නම් එන්න එපා...බලලා නැත්නම් දැන්ම බල....
ආතල්ලන්තයක් 
සිනා...සිනා....වෙන්න සිනා....නොවී සිනා...ඉන්න බෑ අප්පා..ඇත්තටම මරු ඩබලක් බලන සෙට් එක දන්නවා ඒකෙ රහ......

දවසින් දවස එක එක Topic 

හිනාවට යටින්  සිරා Talk

ගැඹුරු කතා..ආකල්ප ...සංකල්ප කෝටියයි........

මරු ඩබලෙන් මම මුලින්ම හඳුනාගත්ත බුවා තේජන..ඒ එයාගෙ නමින් ...... Dilip Thejana නම ගහලා බලන්නකො සට සට ගාලා එන්නෙ බඩු....ආන්න ඒවා බලලා රස විඳලා හිනාවෙලා තනිපංගලමේ ගත්ත ආතල් එක දරාගන්න බැරුව තමයි  මම බුවාට කතා කරලා ඌ ගැන කතා සාගරේ දිගඇරියේ ඒ දවස්වල පත්තරේකට.......


කොහොමද මරු ඩබල සෙට් වුණේ ඇත්තටම ? 

(උත්තර නෑ ..උන් දෙන්නම හිනා වෙනවා )  ඉතින් ඊට පස්සෙ කට ඇරියෙ තේජන.
.අපි දෙන්නම හඬ කැවීම් ශිල්පීන් විදිහට එකට වැඩ කළා ...ඒ යාළුකම තමයි අදටත් මෙහෙම තියෙන්නෙ ඇලීගෙන ගැලීගෙන ..එහෙම ඉද්දි මම නවසීලන්තයට ආවා..ඒත් අපේ friendship එක  එහෙමමයි. මරු ඩබලක් පටන් ගත්තෙත් ඒ friendship එකේ හොඳම ප්‍රතිඵලයක් විදිහට..මරු ඩබලක් හිටූ කියලා නැගලා ගියා 


තේජන ට තියෙන්නෙ comody කරන්නම දෙයියො දුන්න මූණක් කියලා හිතෙන්නෙ මට විතරද  ? මම එහෙම ඇහුවෙ අනික් බුවා චමත්ගෙන් 

දැන් හොඳයි ඔය....ඉස්සර ඉස්සෙල්ලා ම හිනා යන්නෙ අපිට මුගෙ මූණ දැක්කම..වෙලාවකට මූණ කරනවා බෙරි කිරිල්ලක්....

චමත් ඒ කතාව ඇත්ත ඈ..ගොරකා looking  ඒ වෙලාවට....comody king face එකක් එන්නෙ ඒ වෙලාවට.....

ඉතින් හිනා මැද්දෙ කතාවෙ අන්තිම ප්‍රශ්නය ?

කොහොමද මරු ඩබලටයි මේ ඩබලටයි  ලැබෙන ප්‍රතිචාර ?

හිතාගන්න බැරි ප්‍රතිචාර ලැබෙනවා.....උන් දෙන්නම එහෙම කියපි.....

චමත් : ගේ ළඟ කඩයක් තියෙනවා. ඒ කඩේට ගියාම මුදලාලි ට මාව දැක්ක ගමන් හිනා යනවා..පාරෙ ගියත් හුගාක් අය මරු ඩබල ගැන කියනවා....Video  එකක් දැම්මත් Like ,Comment වැටෙනවා හෝ ගාලා...සිරා සිද්ධි අපිටත් ඕකම වුණා කියන අය හුඟාක් ඉන්නවා..

මුදලාලිගේ කතාව ඇරුණම   තේජන කීවෙත් ඔය ටිකම තමයි.....නවසීලන්තයේ ,ලංකාවෙ විතරක් නෙවෙයි මුළු ලෝකෙ වටේම සිංහල දන්න නොදන්න පට්ට fan base එකක් ඉන්නවා මරු ඩබලට
තේජන ට චමත්ට
ඇයි බං......

Stress  free  ඉන්න මරුඩබල කියන්නෙ දඩිං බිඩිං ඉන්ජෙක්ෂන් එකක් 

ගැහුවොත් ගැහුවම තමයි ඈ...........