එදා තිබුණ පිළිගැනීම අදටත් මට අඩු නැතුව තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210218Hot (1)
 
විවිධ කලා නිර්මාණ ඔස්සේ දුටු ඉසුරි හෙට්ටිආරච්චි වර්තමානයේ කාගෙත් අවධානය දිනා ඇත්තේ නිරූපණ ශිල්පිනියක් ලෙසය. කාලයක් නිරූපණ කටයුතුවලින් ඇත්ව සිටි ඇය මේ වනවිට නැවතත් සුපුරුදු පරිදි නිරූපණ කටයුතු සඳහා සම්බන්ධව සිටියි. ඒ නිසාම මෙවර ‘සාරවිට’ තරු කතබහා තුළින් අපි ඇයට මෙසේ ඉඩක් වෙන් කළේමු.
 
ඔබ නැවතත් නිරූපණ කටයුතුවල නිරත වෙනවා අපි දකිනවා?
 
ඔව්, වසර තුනකට පස්සේ තමයි නැවතත් මම නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරන්න ගත්තේ. කාලයක් මම කලා කටයුතුවලින් ඉවත් වෙලා හිටියා. ආයෙත් වැඩ කරන්න ඕනා කියලා හිතලා තමයි ගිය වසරේ අන්තිමට වගේ නැවතත් කලා කටයුතුවලට එකතු වුණේ.
 
පසුගිය කාලයේ කලා කටයුතුවලින් ඉවත් වුණේ ඇයි? 
 
පෞද්ගලික හේතු කිහිපයක් මත තමයි මම නිරූපණ කටයුතු හා කලා කටයුතුවලින් ටිකක් ඈත්වෙලා හිටියේ. 
 
අලුත් වැඩ මොනවද ඔබ කළේ? 
 
ගිය වසරේ අන්තිම ඉඳලා තමයි මම ආයේ වැඩ පටන් ගත්තේ. අලුත් වැඩ කිහිපයක්ම කළා. ඉදිරියේදි ඒ නිර්මාණ හරහා මාව දකින්න පුළුවන්.
 
කලින් ඔබ කලා ක්ෂේත්රවයට සම්බන්ධ වුණාට වඩා දැන් ක්ෂේත්රකය තුළ තියෙනවා තරගකාරිත්වයක්?
 
ඇත්තටම, අලුතින් මේ ක්ෂේත්රටයට එන නිරූපිකාවන් හා රංගන ශිල්පිනියන් අද වෙන කොට ගොඩක් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා තියෙන තරගකාරිත්වය නම් වර්තමානය වෙන කොට ගොඩක් වැඩිවෙලා තියෙනවා.
 
නිරූපිකාවක් විදිහට එදා තිබුණ පිළිගැනිම අදටත් ඔබට තියෙනවාද?
 
ඉසුරි හෙට්ටිආරච්චි කිව්වාම මගේ යාළුවෝ ළඟින් ඇසුර කළ අය ඇරණාම හැමෝම වගේ මාව නිරූපිකාවක් විදිහට දන්නවා. ඒ නිසා මට හිතෙනවා එදා තිබුණ පිළිගැනිම අඩුවකින් තොරව අදටත් මට තියෙනවා කියලා.
 
දිගටම මේ ක්ෂේත්රකය තුළ වැඩ කරන්නද ඔබගේ අදහස?
 
ඔව්. පසුගිය කාලයේ මට මේ ක්ෂේත්ර ය ඉවත් වෙලා ඉදිද්දි ගොඩක් වැඩ කටයුතු මඟ ඇරුණා. ඒ නිසා මම හිතනවා දිගටම මෙහි රැඳිලා ඉන්න. මම කලාවට ආදරේයි. මේක මගේ පොඩි කාලේ ඉඳලා තිබුණ හීනයක්. ඉතින් මගේ දැන් ඉලක්කය වෙලා තියෙන්නේ මේ ක්ෂේත්රොය තුළ හොඳ නමක් හදාගෙන ඉදිරියට යන්න.
 
නිරූපිකාවෝ, නිළියෝ මුදලට විකිණෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තද?
 
කවුරු කොහොම මොන විදිහට හිටියත් මිනිස්සු කතා හදනවා. ඒක කාටවත් නවත්වන්න බැහැ. කාගේවත් පෞද්ගලික ජිවිතේ ගැන නම් මට ඇති වැඩක් නැහැ. හැමදේම සිද්ධ වෙන්නේ තමන්ගේ කැමැත්ත ඇතිව නේ. ඉතින් ඒ ගැන නම් කියන්න මම ඇත්තටම දන්නේ නැහැ.
 
මතක් කළ යුතු අය ඉන්නවාද?
 
ඔව්, ඉන්නවා. මගේ පවුලේ අය. එයලා තමයි මුලින්ම මම ආදරේන් මතක් කරන්න ඕනා. මගේ අම්මා තමයි මගේ හැමදේකටම ළඟින් ඉදගෙන මට උදව් කරන්නේ. ඒ වගේම වචනයකින් හෝ උදව් කරපු හැමදෙනාවම මේ වෙලාවේදී මම මතක් කරනවා.
 
කතා බහා - බුද්ධික සේනාධීර
 
20210218Hot (2) 20210218Hot (3) 20210218Hot (4) 20210218Hot (5)