කලාව නොදන්න අය එක්ක වැඩ කරන්න හරිම අමාරුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විවිධ කලා නිර්මාණ ඔස්සේ ඔබ හමුවට ආ කාංචනා රාජපක්ෂ සමගින් ‘සාරවිට’ අපි අද කතා බහා කළේමු. මේ දිනවල විකාශය වෙන සිහින ගෙනෙන කුමාරි ටෙලි නාට්‍යයේ කල්පනිගේ චරිතයට පණ පොවන ඇය කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට බලාපොරොත්තුවෙන් සිටින යොවුන් රංගන ශිල්පිනියක්ද වෙයි. මේ ඇය අප ඇසු ප්‍රශ්නවලට දුන් ප්‍රතිචාරයන්.

කලාවට ඔබගේ පිවිසිම සිදුවන්නේ කොහොමද?

කලා ක්ෂේත්‍රයට එන්නේ මහේන්ද්‍ර පෙරේරා සර්ගේ ඇකඩමිය හරහා. ඒ ඇකඩමියට සම්බන්ධ වුණේ 2016 වසරේ. 2017 වසරේදී තමයි මුලින්ම මට අවස්ථාවක් ලැබෙන්නේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. ඒ ‘ගිරිවැසිපුර’ චිත්‍රපටයට.

කලාවට සම්බන්ධ වෙන හීනයක් ඔබට තිබුණද?

කලාවට සමිබන්ධ වෙලා වැඩ කරන්න ලැබෙයි කියලා පොඩි අදහසක්වත් හිතේ තිබුණේ නැහැ. මහේන්ද්‍ර සර්ගේ ඇකඩමිය හරහා කලාව ගැන හදාරද්දි පොඩි ආසාවක් ඇති වුණා. නමුත්, දැන් නම් කලාව කියන්නේ මගේ ජීවිතය. ඒ තරමට මම කලාවට ආදරේ කරනවා.

කලා ක්ෂේත්‍රය ගැන ඔබට මොකද හිතෙන්නේ?

ක්ෂේත්‍රය තුළ කලාව හරියට දන්න අය එක්ක වැඩ කරද්දී නමි ඇත්තටම හරි අපුර්වත්වයක් තියෙනවා. ඒත් කලාව නොදන්න අය එක්ක වැඩ කරද්දී අමාරුයි. අලුතින් එන ගැහැණු ළමයින්ට කලාව නොදැන කලාවේ රැදෙන අයගෙන් වෙන අපහසුතාවන් බොහෝමයි. එයාලා බලන්නේම අර ගැහැණු චරිත සමඟ යහන්ගත වෙන්න. සමහර නිෂ්පාදකවරුත් ඉන්නවා අවස්ථාව දෙනවා නමි ඇයි නිදාගන්න බැරි කියලා අහන. කලාව ඉගෙනගෙන තැනකට එන අය මේ සිද්ධි ඉතින් අවුල් සහගතයි.

දැනට ඔබ දායක වුණ කලා නිර්මාණ ගැන කියමු?

මම මුලින්ම පත්තිනි ටෙලිනාට්‍යයේ තමයි රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඊට පස්සේ හාරකෝටිය, දංකුඩ බණ්ඩා, ගරුඬ මුහුර්තය රංගනයෙන් දායක වුණා. මේ දවස් වල විකාශනය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ  කල්පනීගේ චරිතයට මම රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව චිත්‍රපට ගත්තොත් ගිරිවැසිපුර, ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර්, සුනාමි යන චිත්‍රපටවලට දායක වුණා. ඉදිරියේදි මම රංගනයෙන් දායක වුණ තවත් චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය වෙන්න තියෙනවා. එකක් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ මිදුණු විශ්වයෙ. අනෙක් චිත්‍රපටය තමයි නාලක විතානගේ මහත්මයාගේ හෝලා චිත්‍රපටය.

රංගන ශිල්පිනියකට අද තියෙන පිළිගැනිම කොහොමද?

සාමාන්‍යෙයන් සමාඡයේ කිසිම අවුලක් නැහැ. නමුත් කලාව ඇතුලේ සමහර අය කතා කරන්නේ අනවශ්‍ය දේවල්වලට. කලා ක්ෂේත්‍රය තුළ සමහර අය හිතාගෙන ඉන්නේ රඟපාන්න එන හැමෝම පිරිමි එක්ක යහන්ගත වෙන්න සුදානමි කියලා චරිතය වෙනුවෙන්. ඒත් එහෙම නැහැ. හොඳ වැදගත් විදියට වෘත්තිය කරන අලුත් රංගන ශිල්පින් ඉන්නවා.

මේක දැන් ඔබගේ වෘත්තියද?

කරන දේට සාධාරණ විදියට ගෙවිමි කරනවා නමි රැකියාවක් විදියට රංගනය කරාට වරදක් නැහැ කියලා මම හිතනවා. ඒත් සමහර අවස්ථාවන් වලදි ගෙවිමි හරියට කරන්නේ නැහැ. නමත්, දැන් මම වෘත්තියක් විදිහට රංගන කටයුතුවල නිතර වෙනවා.

දිගටම කලාවත් එක්ක රැදෙන්නද අදහස?

දිගටම රැදෙන්න අදහසක් ඇත්තේම නැහැ. බලමු අනාගතය ගැන දැන්ම මොකුත් කියන්න බැහැ ඒ සම්බන්ධව.

උදව් කරපු අයත් මතක් කරමු?

කලාවට එන්න උදවි කරපු ගොඩාක් අය ඉන්නවා. ඒ අතරින් මහේන්ද්‍ර පෙරේරා සර්ව විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. මගේ අමිමිට අප්පච්චිට වගේම මගේ එකම සහෝදරියටත් ස්තූති වෙනවා. මට එයාලා පුදුමාකාර විදියට නිදහසක් දිලා තියෙනවා. ඊට අමතරව හිරු රූපවාහිනි නාලිකාවේ නිවන්ත ප්‍රසාර අයියට, ප්‍රියංකා රත්නායක අයියට වගේම තවත් ගොඩ දෙනෙක් ඉන්නවා මතක් කරන්න නම්. ඒ හැමෝටම මම මේ වෙලාවේ මගේ ස්තූතිය පිරිනමනවා.

බුද්ධික සේනාධීර

20210126Kanchana (1) 20210126Kanchana (2) 20210126Kanchana (3) 20210126Kanchana (4)