කැෂුවල් ෂූට් නම් ලොකු කැමැත්තක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210217nishu-2

බ්‍රයිඩ්ල් මොඩ්ලින් කියන්නේ බොහෝ නිරූපණ ශිල්පිනියන් විශාල කැමැත්තක් දක්වන විෂයක්. පියුමි කියන්නෙත් බ්‍රයිඩ්ල් මොඩ්ලින්වල නිරත වන නවක නිරූපණ ශිල්පිනියක්. ඉදිරියේදී රූපලාවණ්‍ය ශිල්පිනියක් ද වීමට බලාපොරොත්තු වන පියුමි සාරවිට සමග කෙටි පිළිසඳරක නිරත වුණේ මේ විදිහටයි.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම පියුමි නයනතාරා. හැබැයි ෆීල්ඩ් එකේ භාවිතා වෙන්නේ නිෂූ කියලා. මම ඉන්නේ පොළොන්නරුවේ. මෙහෙට වෙලා නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරනවා.

ඔබ වැඩියෙන්ම දායක වෙන්නේ කුමන නිර්මාණවලටද?

20210217nishu-1

මම වැඩියෙන්ම කරන්නේ බ්‍රයිඩ්ල් මොඩ්ලින්. කැෂුවල් ෂූට් නම් ලොකු කැමැත්තක් නැහැ.

මේ වෙද්දි මනාලියක් ලෙස කොපමණ වතාවක් හැඩවෙලා තිබෙනවාද?

දැනට හතක් අටක් විතර කරලා තියෙනවා. ගොඩක් අය කියනවා මට කැෂුවල් ලස්සනයි කියලා. ඒ වුණාට බ්‍රයිඩ්ල්වලට තමයි ආසම.

ඇයි බ්‍රයිඩ්ල් මොඩ්ලින්වලට විශේෂ කැමැත්තක් දක්වන්නේ?

මම හිතන්නේ මනාලියක් ලෙස හැඩවෙන්න ගෑණු ළමයි ගොඩක් කැමතිනේ. ඒ නිසා වෙන්න ඕනේ.

ෆීල්ඩ් එකට සම්බන්ධ වෙලා කොච්චර කාලයක්ද?

දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. පොළොන්නරුව කියන්නේ ටිකක් දුෂ්කර පැත්තක්. ඉතින් ඒ නිසා එක දිගට ආරාධනා ගොඩක් ලැබෙන්නේ නැහැ. ලැබෙන දේවල් භාරගෙන කරනවා.

පියුමි නිරූපණයට එන්න හිතුවේ ඇයි?

මගේ ලොකු කැමැත්තක් තිබුණා නිරූපණ ක්ෂේත්‍රයට. ඒක නිසා වැඩ කරන්න පටන් ගත්තා.

පොළොන්නරුව දුෂ්කරයි නම් කොළඹට ඇවිත් දිගටම ක්ෂේත්‍රයේ වැඩ කරන්න පුළුවන් නේද?

ඔව්. හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් කොළඹ ඇවිත් වැඩ කරන්න පුළුවන්. ඉස්සරහට බලමු.

නිරූපණයට අමතරව මොනවාද කරන්නේ?

මම රැකියාවක් නම් කරන්නේ නැහැ.

රංගනයට ආරාධනාවක් ලැබුණේ නැද්ද?

තවම නම් ලැබිලා නැහැ. හැබැයි හොඳ නිර්මාණයකට කතා කළොත් නම් සම්බන්ධ වෙනවා.

ඉදිරි වැඩ කටයුතු ගැන කියමු?

ඉදිරියේදී රූපලාවණ්‍ය පාඨමාලාවක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මගේම රූපලාවණ්‍යාගාරයක් පටන් ගන්න කැමැත්තක් තිබෙන නිසා.

විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

ඔව්. මගේ අම්මා, තාත්තා, මල්ලි සහ මගේ හස්බන්ඩ්ව මුලින්ම මතක් කරන්න ඕනේ. එතකොට මාත් එක්ක වැඩ කරන ඡායාරූප ශිල්පීන්, රූපලාවණ්‍ය ශිල්පීන් හැම දෙනාවම ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද

20210217nishu-3 20210217nishu-4 20210217nishu-5 20210217nishu-6 20210217nishu-7