ගෙදර අය කැමති මම ගුරුවරියක් වෙනවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210401Hot (1)නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වූ ප්‍රියදර්ශනි සමරසිංහ සමගින් මෙවර අපි කතා බහා කළේමු. දැනට විවිධ කලා නිර්මාණ රැසකටම සිය දායකත්වය සපයා ඇති ඇය ඉදිරියේදී ගීත රූප රචනා කිහිපයකින්ම ඔබට දැක ගැනීමට හැකි වේ.

 

කොහෙමද ක්ෂේත්‍රයට ආවේ?

තෙරේන කාළේ ඉඳලා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කැමැත්තක් තිබුණා. නමුත්, ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ලැබුණේ අහම්බෙන් කිව්වොත් හරි. මුලින් ඡායාරූපවලට මුහුණ දුන්නා. මගේ මතකය හැටියට මුලින්ම ආසාවට පොටෝ ටිකක් කරමුද කියලා ඇහුවේ කසුන් මධුසංඛ මල්ලි. ඔය විදිහට තමයි නිරූපණ ක්ෂේත්‍රයට ආවේ.

 

ඉදිරියේදි ඔබ දායක වුණ නිර්මාණ මොනවා හරි නිකුත් වෙන්න තියෙනවාද?

ඔව් ගීත රූප රචනා තුන හතරකට මම සම්බන්ධ වුණ පසුගිය කාලේ. ඒවා ඉදිරියට නිකුත් වෙන්න තියෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍යයකට දායක වෙන්නත් ඇරයුම් ලැබිලා තියෙනවා. ඉදිරියට ඒ ගැන මම තව විස්තර කියන්නම්.

 

නවකයෙක් විදිහට කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

මේ ක්ෂේත්‍රය තුළ අවබෝධයෙන් ඉදිරියට යායූතුයි කියලා මම හිතනවා. ගැළපෙන නිර්මාණ පමණක් තෝරගෙන වැඩ කළ යුතුයි. හැම දෙයක්ම භාර අරගෙන ඉක්මන් ගමනක් යනවාට වඩා තමන්ට ගැළපෙනවා කියලා හිතන හොඳ, හරවත් නිර්මාණවලට පමණක් දායක වෙලා හෙමින් ගමනක් ගියොත් හොඳ තැනකට යන්න පුළුවන් ක්ෂේත්‍රයක් කියලා මම හිතනවා.

 

රංගනයටද? නිරූපණයටද ඔබ වඩාත් කැමති?

ක්ෂේත්‍ර දෙකටම කැමතියි. නමුත්, ගොඩක් ලොකු ආසාවක් තියෙන්නේ රංගනය පැත්තට යොමු වෙන්න. ඒ අදහස අද වෙන කොට ඉෂ්ට වෙලා තියෙනවා. අනාගතයේදී මිනිස්සු කතා කරන හා ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න බලාපොරෙත්තුවෙන් ඉන්නවා.

 

කලාව කියන්නේ ඔබගේ වෘත්තියද?

නැහැ. මම දැනට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ සංඛයානය විශේෂවේදී උපාධිධාරීනියක්. දැනට අභ්‍යාසලාභි උපාධිධාරීනියක් ලෙස රජයේ සේවයේ නිරත වෙනවා. මම බලාපොරොත්තු වෙනවා රැකියාවෙන් ඉහල තැනකට යන ගමන් කලාවට යම් තරමින් දායක වෙන්න.

 

පවුලේ අය කැමතිදි ඔබ මේ ක්ෂේත්‍රය තුළ නියැළෙනවට?

නැහැ. ඒ අය කැමති මම ගුරුවරියක් වෙනවට. ඒ හින්ද බොහෝවිට ඔවුන්ගේ කැමැත්තටම මම අනාගතයේදි ගුරුවරියක් විදිහට වැඩ කරයි. නමුත්, ගුරුවරියක් වුණට මම කලාව කිසිදාක අමතක කරන්නේ නැහැ.

 

උදව් කළ අය?

මට මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට එන්න ගොඩක් අය උදව් කළ. මේ වෙලාවේදී මගේ පළමු ඡායාරූප කිහිපය ගත්තු කසුන් මධුසංඛ මල්ලිව මතක් කරන්න ඕනා. ඊට අමතරව ඡායාරූප ශිල්පි නුවන් චතුරංග අයියාවත් මගේ පවුලේ අය යහළුවෝ මේ හැම දෙනාවත් මතක් කරනවා.

 

බුද්ධික සේනාධීර

20210401Hot (2) 20210401Hot (3) 20210401Hot (4) 20210401Hot (5)