තවම ලොකු නිර්මාණවලට කතා කරලා නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210209nidarshi-1

නිරූපණ ක්ෂේත්‍රයට නවක ශිල්පිනියක් තමයි නිදර්ෂි කියන්නේ. තවමත් පාසැල් අධ්‍යාපනය හදාරන නිදර්ෂි නිරූපණ ක්ෂේත්‍රයෙන් දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වනවා. ඒ වගේම ඇය වෘත්තීයෙන් චිත්‍ර ශිල්පිනියක් වීමටද සිහින දකිමින් සිටිනවා. මේ කතාබහ ඇය සමගයි.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම නිදර්ෂි විජේසිංහ. මම තවම අධ්‍යාපනය හදාරනවා. මගේ වයස අවුරුදු 18යි. දැනට මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා.

නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මීට කලින් මම මොඩ්ලින් කරලා කාලයකට නැවැත්වූවා. නමුත් ආයෙත් දැනට මාස තුනකට විතර කලින් වැඩ කරන්න පටන් ගත්තා.

අධ්‍යාපන කටයුතු සමග නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරන්න පුළුවන්ද?

මම මේ වසරේදී උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. ඒ අධ්‍යාපන කටයුතුත් එක්ක තමයි නිරූපණ වැඩ කරන්නේ. අධ්‍යාපන කටයුතුවලට බලපෑමක් නැහැ. මගේ නිවාඩු දවස්වලට තමයි ගොඩක්ම වැඩ භාර ගන්නේ.

20210209nidarshi-6

නිරූපණයෙන් දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?

මම දැවැන්ත නිර්මාණවලට සම්බන්ධ වෙලා නැහැ. ෆොටෝ ෂූට්වලට තමයි වැඩියෙන්ම දායක වෙලා තියෙන්නේ.

පැජන්ට්වලට සහභාගී වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඔව්. ඉදිරියේදී හොඳ පැජන්ට්වලට සහභාගී වෙන්න අදහසක් තිබෙනවා.

ඔබ වෘත්තීයක් විදිහට නිරූපිකාවක් වීමට අදහස් කරනවාද?

නැහැ. මම නිරූපණය කරන්නේ විනෝදාංශයක් විදිහටයි. මම වෘත්තීයෙන් Hotel artist කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකත් මගේ හීනයක්. හැබැයි නිරූපණයෙනුත් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

නිරූපණය හදාරනවාද?

නිරූපණය හැදෑරීම ගොඩක් වැදගත්. මම ඉස්සරහට නිරූපණය හදාරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම මම දැනටමත් මාත් එක්ක වැඩ කරන ඡායාරූප ශිල්පීන්ගෙන්, නිරූපණ ශිල්පීන්ගෙන් දේවල් ඉගෙනගන්නවා.

රංගනයට කැමති නැද්ද?

කැමතියි. යූ ටියුබ් චැනල්වල වීඩියෝස් කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. තවම ලොකු නිර්මාණවලට කතා කරලා නැහැ.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මා හැමදේටම පස්සෙන් ඉන්නවා. තාත්තාත් එහෙමයි. ගෙදරින් හොඳ සහයෝගයක් ලැබෙනවා.

නිරූපණයෙන් සැබෑ කරන්න දකින ලොකුම හීනය මොකද්ද?

මම ආසයි හොඳ රංගන ශිල්පිනියක් වෙන්න.

ඉදිරි වැඩකටයුතු ගැන කියමු?

උසස් පෙළ විභාගය හොඳින් කරන්න ඕනේ. ඒ වගේම මම හීන දකින රැකියාවත්, නිරූපණය පැත්තත් හොඳට කරගෙන දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

උදව් කළ අය කවුද?

අම්මා තමයි මතක් කරන්න ඕනේ. අම්මා නැත්නම් මට මෙහෙම ගමනක් එන්න බැරි වෙනවා.

කැළුම් දේවින්ද

20210209nidarshi-2 20210209nidarshi-3 20210209nidarshi-4 20210209nidarshi-5