දක්ෂයාට මේ ක්ෂේත්‍රය තුළ තැනක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින නයෝමි පිරිස් කලා ක්ෂේත්‍රයට තවමත් නවකයෙකි. එහෙත්, දැනට ටෙලි නිර්මාණ කිහිපයකටම දායකව ඇති ඇය ඉදිරියේදි දේශිය සිනමාව තුළින්ද ප්‍රේක්ෂක ඔබට දැකගත හැකිවෙයි. මේ දිග හැරෙන්නේ අපි නයෝමි සමග කළ කතා බහයි.

20210228Hot (4)ඔබව මේ දවස්වල අපිට දකින්න ලැබෙන්නේ?

මේ දවස්වල මාව දකින්න පුළුවන් ශීවගුරුනාදන් මහත්මයාගේ ‘කිස්’ කියන ටෙලි නාට්‍යය තුළින්. ඊට අමතරව මම ‘අමාලියා’ කියන ටෙලි නාට්‍යයෙත් රඟපානවා. ‘කිස්’ ටෙලි නාට්‍යයේ මම පෙනී ඉන්නේ ‘අනුපමා’ කියන චරිතයට. ‘අමාලියා’ ටෙලි නාට්‍යයේ ‘නයෝමි’ කියන චරිතයට මම දායක වෙනවා.

ලැබෙන ප්‍රතිචාර කොහොමද?

බලපොරොත්තු වුණාටත් වඩා හොඳ රසික ප්‍රතිචාර මේ චරිතවලට ලැබෙනවා.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද ඔබගේ?

අකිල සඳකැලුම් අයියාගේ ‘ලයිෆ්’ කියන ටෙලි නාට්‍යය තුළින් මාව ඉදිරියේදි දැකගන්න පුළුවන්. එහි මම ‘විහංගි’ කියන චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව චිත්‍රපටයකටත් මට ඉදිරියේදි රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. තවමත් ඒවා සාකච්ඡා මට්ටමින් පවතිනවා.

නයෝමි කියන්නේ කලා ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්?

ඔව් එහෙම හිතුවොත් හරි. මම කලා ක්ෂේත්‍රයට එන්න කලින් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙල හිටියා. රැකියාව නිසා මට බොහෝ කලා කටයුතු ප්‍රමාණයක් අත්හැරුණා. නමුත්, දැන් මම කලා කටයුතුවලට වැඩිපුර දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව මගේම කියලා රැකියාවකුත් මම කරනවා.

ඔබ දැනට දායක වුණ නිර්මාණ ගැන තෘප්තිමත්ද?

ඇත්තටම, තෘප්තිමත් වෙනවා. මොකද, කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා මම දැන් වසර දෙකක් විතර වෙනවා. නමුත්, මම ලොකුවට නිර්මාණ පස්සේ ගියේ නැහැ. මේ වසර දෙකකටම මම දායක වුණේ නිර්මාණ අතලොස්සකට. ඒ නිර්මණවලත් මම හිතනවා මට දායක වෙන්න ලැබුණේ විවිධ චරිතවලට. රංගන ශිල්පිනියක් විදිහට හිතුවොත් මම ඒ හැම නිර්මාණයකටම හැම චරිතයකටම මට පුළුවන් උපරිම සාධාරණය මම කරලා තියෙනවා කියල. ඒ වගේම ප්‍රේක්ෂකයෝ මාව අඳුන ගත්ත හා ඔවුන් මා ගැන කතා කරපු චරිත කිහිපයකුත් ඒ නිර්මාණ අතර තියෙනවා.

අලුතින් මේ ක්ෂේත්‍රයට එන අයට තැනක් දැන් තියෙනවාද?

දක්ෂයාට නම් තැනක් තියෙනවා. දක්ෂ නැති කෙනාට නම් ඉතින් තැනක් නැහැ. ඉතින් අලුතෙන් මේ ක්ෂේත්‍රයට එන අපි දැනගත යුතුයි අපි මෙහි රැඳෙන්නේ නම් හැම වෙලාවේම දක්ෂතා පෙන්විය යුතුයි කියන කාරණය.

රූපය පමණක් ප්‍රමාණවත්ද රංගන ශිල්පිනියක් වෙන්න?

රූපය කියන දේ අවශ්‍යයි. නමුත්, රංගනය ගැන දැනුමක් ඊට වඩා අවශ්‍යයි කියලා. රංගනය කියන දේ හැදෑරිමකින් තොරව මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කළත් ලොකු ගමනක් යන්න බැහැ කියන මතය තුළ මම ඉන්නවා.

බුද්ධික සේනාධීර

20210228Hot (1) 20210228Hot (2) 20210228Hot (3)