පෞද්ගලික හේතුන් මත ටිකක කලාවෙන් අයින් වෙලා හිටියා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගීතිකා රාජපක්ෂ කියන්නේ පුංචි තිරයට දගකාරියක්. ඇයව නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ දගකාර චරිතවලිනි. ඒ දගකාරකමට ඇයට ආදරේ කරන රසික පිරිස් බොහෝ ප්‍රමාණයක් සිටිනවා. විවාහයෙන් පසුව කලාවෙන් තාවකාලිකව ඈත් වෙලා සිටි ඇය මේ දිනවල ගරුඩ මුහුරතය ටෙලි නිර්මාණය ඔස්සේ දැක ගැනීමට හැකියාව තිබේ. මෙවර ‘අද’ තරු කතාබහට ඇය මෙලෙස එක් කර ගනු ලැබීය.

 

මේ දවස් වල කාලය ගත කරන්නේ කොහොමද?

අවුරුදු දෙකක කලින් වගේ කරපු ටෙලි නාට්‍යයක් ලබන මාසේ විකාශය වෙන්න තියෙනවා. ඒකේ රූගත කිරීම් කටයුතු කිහිපයක් තිබුණා. ‘රකුන්ගිර’ කියලා තමයි නාටය්‍යක්. ඒක ප්‍රසන්න ප්‍රියදර්ශන මහත්මයා තමයි එහි අධ්‍යක්ෂණය සහ තිර රචනය. මෙම මෙහි ගොඩක් වෙනස් චරිතයක් කරනවා.

 

වෙනස් චරිතය ගැන කිව්වොත්?

ඒ චරිතය ඇත්තටම ප්‍රේක්ෂකයන්ට කොහොම දැනෙයිද කියන එක කියන්න අමාරුයි. මොකද මම මෙතෙක් එහෙම චරිතයක් කරලා නැහැ. මෑත කාලීනව එවැනි නර්මාණයක් දැකලත් නැහැ. වෙනස්ම කතා තේමාවක් එක්ක යන දෙයක්. අපේ රටේ අපි නොදන්න කොච්චර වටිනා කියන දේවල් තිබිලා තියෙනවාද, පුස්කොල පොත්වල තිබෙන දේවල්, බෙහෙත් පිළිබඳව සහ යම් කිසි ශක්තීන් පිළිබඳව සොයාගෙන පිට රටකින් එන අමුතු චරිතයක් තමයි මේ. මේක ඇතුලේ බොහෝ කුතුහලයක් තියෙයි. මෙම ටෙලිනාට්‍යය බලද්දී ඒ දේවල් නිරාකරණය කර ගන්න පුළුවන් වෙයි. මම ගොඩක් නයි සමග වැඩ ගන්න කෙනෙක්. රූගත කිරීම් වලදීත් මම ඉන්නවා ඇත්ත ලොකු නයි දෙන්නෙක්. ඒ දේවල් වටා තමයි මගේ චරිතය ගොඩ නැගෙන්නේ.

 

කලාවෙන් ඈත්වෙලා හිටියේ ඇයි?

පෞද්ගලික හේතුන් මත ටිකක කලාවෙන් අයින් වෙලා හිටියා. ඇත්තටම මොන දේ වුනත්, ඒ දෙවල් කොච්චර දුෂ්කර වුණත් අපි සතුටු වෙන තෘප්තිමත් වෙන දෙයක් තියෙනවානේ. ඒ වගේ තමයි මම මොන දේ කලත් කැරකිලා එන්නේ කලාවට. මම හිතනවා ඒ සඳහා මට කුමන හෝ දක්ෂතාවක් මට උපතින්ම තියෙනවා කියලා. ඒ වගේම මම රංගනය හදාරන කෙනෙක්. ඒකත් එක්ක මම වැඩකටයුතු පටන් අරගෙන කරගෙන යනවා.

 

විවාහය නිසාද බොහෝ දෙනා කලාවෙන් ඈත් වෙන්නේ?

මම හිතන්නේ නිදහස හොයන්න ගියාම නොදැනුවත්මව කලාවෙන් ටිකක් ඈත් වෙනවා. අපි කොළඹින් පිට රූගත කිරීම් ගොඩක් කරන කොට මාසේ වැඩි දවසක් ඉන්නේ ගෙදරින් පිට. එතකොට ගෙදර ජීවිතයක් සහ නිදහසක් නැති වෙන ප්‍රශ්නය එනවා. ඉතිං ඒ සියලු දේ බැලන්ස් කරගෙන නිර්මාණයටත් කැපවීම් කරගෙන යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ.

 

කලාවට එනවා නම් නිදහස කැප කරන්න වෙනවාද?

ඇත්තටම ඒ කැප කිරීම ගොඩක් සතුටින් කරන්නේ. අපි කොළඹදී නිර්මාණයකට දායක වුනත් ඒ ගාන දුරකට ගියත් ඒ ගානමයි අපිට ලැබෙන්නේ. එහෙම වුනාම අපිට කොළඹ කරන නිර්මාණ වලට විතරත් දායක වෙලා ඉන්න පුළුවන්. නමුත් ලස්සන නිර්මාණයක් වෙනුවෙන් දවස් කැපකරගෙන අව්වේ වැස්සේ මහන්සි වෙලා අපි දායක වෙනවා. සමහර වෙලාවට සමහර චරිත කරන කොට සෙරෙප්පු දෙකක් දාගන්නේ නැතුව කටුගොල්ලේ යන්න තියෙන්නේ. මමත් එහෙම චරිත කරලා තියෙනවා. අපි ඒ නිර්මාණයට හරි ආදරෙයි. කලාකරුවෙක්ට නිර්මාණයක් සඳහා මුදල ලැබෙනවා. නමුත් අපි එහෙම නිර්මාණය වෙනුවෙන් කැපවෙනවා ඒ සඳහා ආදරය කරනවා. ගරුඩ මුහුර්තය ටෙලි නාට්‍යය අපි කලේ එක පවුලක් විදිහට. අපි ඒ සඳහා ගොඩක් කැප වුණා. ඒ වගේ මම හැම නිර්මාණයක් වලට මගේ උපරිම සහයෝගයක් දෙනවා. ඉතිං නිදහස කැප කිරීම් කරන්න වෙනවා.

 

විවාහ වුනාම නිර්මාණ වලට ආරාධනා අඩුයිද?

සමහර රංගන ශිල්පීන්ගේ ඇති වුණු ප්‍රශ්න නිසා විවාහ වුනාම චරිත දෙන්න බයයි. මම ප්‍රධාන චරිත තමයි මම මුලින්ම කලේ. සමහර නිර්මාණ කොටස් 200 , 300 ට එහා යනවා. විවාහ වුනාම දරුවෝ හදලා විවාහ ජීවිතය තුළ ඉද්දී මේ නිර්මාණයට අසාධාරණයක් වෙනවා. එහෙම වුනාම ඒ චරිතය අයින් කරන්න වෙනවා. ගලා යාම වෙනස් කරන්න වෙනවා. ඒවගේ වගකීම විරහිත දෙයක් වෙයි කියල තියෙන බය නිසා ම නිර්මාණ ලැබෙන්නේ නැහැ. විවාහ වුනු මුල් කාලයේදීම මටත් ඔය ප්‍රශ්නයම ඇති වුනා. එහෙම ගැටලුවක් එනවා විවාහ වුනාම. ඉතිං මම දැන් ප්‍රධානම කියලා දෙයක් තෝරන්නේ නැහැ. මම හොයන්නේ චරිත. ඒ නිර්මාණය ලස්සනයි නම් ඒ චරිතය හොඳ චරිතයක් නම්, චරිතය දිහා හැරිලා බලන්න දෙයක් තියෙනවා නම්, ඒ වෙනස් දෙයක් කරන්න පුළුවන් වුනා කියලා මට හිතෙනවා නම් මම ඒක බාර ගන්නවා.

 

රසික ආදරය ලැබෙන්න තරම් වාසනාවන්ත වීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මුල් කාලෙදී රූපවාහිනි නිවේදිකාවක් විදිහටත් මම වැඩ කලා. එතකොට රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් විදිහට සියලු දෙනා නිතරම දකින කොට මට රසික පිරිසක් ගොඩ නැගුනා. සමහර කළු චරිත තේරුම් ගත්ත රසික පිරිස ඒ වටා ආදරෙයන් එකතු වුනා. රංගන ශිල්පිනියෙක් ශිල්පියෙක් වෙන්නත්, රසික රසිකාවන්ගේ ආදරය ලබන්නත් ලොකු පිනක් තියෙන්න ඕනා. ඇත්තටම පිනක් තියෙන කෙනෙක් තියෙන කෙනෙක්ට තමයි මේවගේ තැනකට එන්න ලැබෙන්නේ. ඉතිං අපි ඒගොල්ලො වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒ ආදරේ ලබන්නත් පිනක් තියෙන්න ඕනේ. යම් කිසි චරිතයක් ඔස්සේ ඒ අයගේ හිතට දැනුනොත් අපි නිර්මාණ වලින් දැක්කෙ නැතත් ඒ අයගේ හදවතේ අපි ඉදිවී.

ඩිලාන් ක්‍රිෂාන්ත

20210307Geethika (1) 20210307Geethika (2) 20210307Geethika (3)