බැඩ්මින්ටන් ක්‍රීඩාවට අමතරව මම තව දක්ෂ ක්‍රීඩාවන් කිහිපයක්ම තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210127Achini (1)

ශ්‍රී ලංකාවේ බිහිවූ අති දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් ලෙස අචිනි රත්නසිරි හැදින්විය හැකිය. ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් දිනා ඇති ඇය මේ වන විට ශ්‍රී ලංකාවේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩිකාවන් අතරටද එක්ව සිටියි. මෙවර ‘සාරවිට’ තරු කතාබහට අප සමග එක්වන්නේද ඇයයි.

ඔබ දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩාවටද විතරද?

මුලීක වශයෙන් ගත්තොත් වැඩිපුරම මම දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩාවට තමයි. නමුත්, මම පාසල් යන කාලේ මලල ක්‍රීඩාව, ක්‍රිකට්, එල්ලේ හා නේට්බෝල් ක්‍රීඩාව තුළ නිරත වෙලා දක්ෂතා දක්වලා තියෙනවා.

බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමු නොවුණා නම් ඔබ වෙනත් ක්‍රීඩාවක් හරහා ඉදිරියට ඒවිද?

ඔව්, අනිවාර්යයෙන්ම. මොකද, මම ක්‍රීඩාවට දක්ෂ කෙනෙක්. තෙරේන කාලේ ඉඳලා මම පාසල් ක්‍රීඩාවලට සහභාගි වුණා. ඒ වගේම ජයග්‍රහණත් අත් කරගත්තා. බැඩ්මින්ටන් ක්‍රීඩාව තෝර නොගත්තා නම් බොහෝදුරට අද මම වෙනත් ක්‍රීඩාවකින් ඉදිරියට එයි කියලා හිතනවා.

බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් විදිහට ඔබ සතු ජාතික වාර්තා තියෙනවාද?

ජාතික වාර්තා කිහිපයක්ම මා සතුව තියෙනවා. විශේෂයෙන්ම මතක් කළොත් 2009 වසරේදී මම ජාතික ශූරිය බවට පත් වුණා. එතකොට මගේ වයස අවුරුදු 15යි. ඒ වසරේදී මම ජාතික ශූරිය වුණේ කේවල හා යුගල යන අංශ දෙකෙන්ම. මම හිතන විදිහට ඒක අදටත් තියෙන ශ්‍රී ලංකා වාර්තාවක් කියලා. අඩු වයසකදීම මෙම අංශ දෙකෙන්ම ශූරිය වුණ එක. ඊට අමතරව තවත් ජාතික හා පාසල් මට්ටමේ බැඩ්මින්ටන් වාර්තා රැසක් මා සතුව තියෙනවා. 

වර්තමානය වනවිට ඔබ ලංකාවේ ප්‍රසිද්ධ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක්. ඒ ගැන ඔබ තෘප්තිමත් වෙනවද?

ඔව් ඇත්තටම තෘප්තිමත්. මොකද කිව්වොත් මම හිතනවා ක්‍රීඩිකාවක් වශයෙන් මට දක්වන්න පුළුවන් උපරිම දක්ෂතාවය මම අද වෙන කොට බැඩ්මින්ටන් ක්‍රීඩාව තුළ දක්වලා තියෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි විදෙස් රටවල පැවැති ප්‍රධාන පෙළේ බැඩ්මින්ටන් තරගාවලි ජයගෙන ලංකාවට කිර්තියක් අත් කරලා දෙන්නත් මට අද වෙන කොට පුළුවන් වෙලා තියෙනවා. 

ඔබ කැමතිම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව කවුද?

කිහිප දෙනෙක්ම ඉන්නවා මම කැමති අය. ඒ අතරින් මම කැමතිම ක්‍රීඩිකාව තමයි ස්පාඤ්ඤය ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් වන කැරොලිනා මාලින්ට. කැමතිම ක්‍රීඩකයා ගත්තොත් චීනය නියෝජනය කරන ලින් ඩෑන්. ඔහු දෙවරක් ඔලිම්පික් බැඩ්මින්ටන් ශූරයා වුණ කෙනෙක්. කැරොලින් හා ලීන් දෙදෙනාට ගොඩක්ම කැමතියි වෙන්න හේතුව තමයි ඔවුන්ගේ ක්‍රීඩා විලාසය. කැරොලින් වමත්කාරියක්. මමත් එහෙමයි. බොහෝ විට අපි දෙන්නාම ක්‍රීඩා කරන්නේ එකම විදිහට. බැඩ්මින්ටන් ක්‍රීඩාවට අමතරව ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රෝජර් ෆෙඩරර්ටක් මම ගොඩක් කැමතියි.

ක්‍රීඩා දිවියේ ඔබට මුහුණ දෙන්නට සිදුවු අමතක නොවන සිදුවීම කුමක්ද?

ඇත්තටම, අමතක නොවන එක් සිදුවීමක් මට තියෙනවා. මම පොඩි කාළේ පාසල් ගියේ කොළඹ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට. ඊට පස්සේ මට කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් අපිට වයස අවුරුදු 10න් පහළ පාසල් බැඩ්මින්ටන් කණ්ඩායම් තරගාවලියට ක්‍රීඩා තරගාවලියට සභභාගි වුණා. ඒ තමයි මගේ පළමුවෙනි බැඩ්මින්ටන් තරගාවලිය. අපි අවසන් මහා තරගයට ආවා ඒ තරගාවලියේදී මගේ තරගය තමයි අපේ කණ්ඩායම වෙනුවෙන් තිබුණ තිරණාත්මක තරගය. මම ක්‍රීඩා කළේ මට වඩා වයසින් වැඩි අක්කා කෙනෙක් එක්ක. කොහෙම හරි ඒ තරගය මම හොඳට ක්‍රීඩා කරලා අපේ පාසල වෙනුවෙන් ඉහළ ජයග්‍රහණයක් ලබා දෙන්න පුළුවන් වුණා. ඒ තරගය මගේ ක්‍රීඩා දිවියේ කවමදාකවත් අමතක නොවන තරගයක්.

සටහන හා ඡායාරූප - බුද්ධික සේනාධීර

20210127Achini (2) 20210127Achini (3) 20210127Achini (4) 20210127Achini (5) 20210127Achini (6) 20210127Achini (7) 20210127Achini (8)