මට හිතෙන විදිහට ලංකාවේ මිනිස්සු නිරූපණය දකින්න වැරදියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201028HotArticle (2)නවක නිරූපණ ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වන ශානි නිරූපණයට පිවිසෙන්නේ පාසල් යන අවධියේදීයි. මේ වනවිට ඇය ක්ෂේත්‍රයෙන් යම්තාක් දුර පැමිණ තිබෙනවා. නිරූපණයෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු වන ශානි සාරවිට කතාබහකට එකතු වුණේ මේ විදිහටයි

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම ශානි කුරුප්පුආරච්චි. මගේ ගම අනුරාධපුරයේ. දැනට රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් විදියට වැඩ කටයුතු කරනවා.

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?

මම නිරූපණය ඉගෙන ගත්තු කෙනෙක් නෙමෙයි. උසස් පෙළ කරන කාලයේදී shoot එකකට ආරාධනා ලැබුණා. උසස් පෙළ ඉවර වුණාට පස්සේ ඩාන්සිනුත් කරන ගමන් නිරූපණයට පිවිසුණා. ඒ 2018 වගේ.

මේ වෙද්දි දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත් ?

Photoshoot නම් රැසකට දායක වෙලා තියෙනවා. Music video වලටත් ආරාධනා ලැබිලා තිබෙනවා. නමුත් තවම ඒ එකකටවත් සම්බන්ධ වුණේ නැහැ. මට ගැළපෙන නිර්මාණයකට ආරාධනා ලැබුණොත් බාර ගෙන කරනවා.

දිගටම නිරූපණ ශිල්පිනියක් විදියට වැඩ කරන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?

ඔව්. මේ ක්ෂේත්‍රයෙන් දුර ගමනක් යන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

ලැබුණු අත්දැකීම් ගැන කිව්වොත්?

හොද වගේම නරක අත්දැකීමුත් තිබෙනවා. නමුත් ගොඩක් දුරට සුන්දරයි. මට වැඩ කරන්න ලැබුණු හැමෝම හොඳ අය. නමුත් ලංකාවෙ මිනිස්සු නිරූපණය දිහා බලන විදිහ වෙනස්. ඒවා තමයි අර නරක අත්දැකීම් විදිහට සලකන්න පුළුවන්.

ඇයි ලංකාවේ සමහර අය නිරූපණය ගැන වෙනස් විදිහට බලන්නේ?

මට හිතෙන විදිහට ලංකාවේ මිනිස්සු නිරූපණය දකින්න වැරදියට. සමහරවිට ඇතැම් අය ජනප්‍රිය වෙන්න බලාගෙන හරි ක්ෂේත්‍රයේ නමක් හදාගන්න හරි ඕන දෙයක් කරන්න බලාගෙන ඉන්නවානේ. ඒ අයගේ වැඩ නිසා සමාජය මේ සමස්තය දිහා බලන්නේ එකම විදිහටනේ. නවකයෙක්ද ප්‍රවීණද කියලා හිතන්නේ නැහැ. මිනිස්සු හැමෝටම මඩ ගහනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය ගැන කියමු?

ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. මොකද එයාලා කැමති මම කලා කටයුතුවලට සම්බන්ධ වෙනවට නෙවෙයි. ඉගෙනගෙන හොඳ රැකියාවක් කරනවටයි. නමුත් ගෙදරින් ලැබෙන ලොකුම සහයෝගය තමයි මම කරන දේවල්වලට නිදහස ලබා දෙන එක.  

නිරූපණයයි නර්තනයයි අතරින් වැඩියෙන්ම කැමති මොකටද?

නර්තනය කියන්නෙ පොඩි කලින් මගේ ඇඟේ තිබ්බ දෙයක්. නිරූපණයට සම්බන්ධ වෙන්න කවදාවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒක අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. Dancing වලට තමයි තාමත් ආදරේ. ඩාන්සින් ගෲප් පහ හයකම වැඩ කරලා තියෙනවා. ඒත් මේ රටේ තත්ත්වේ නිසා ඒවාගෙන් ටිකක් ඈත් වෙලා ඉන්නෙ

අනාගත බලාපොරොත්තු මොනවාද?

රූපලාවණ්‍යගාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒක ළඟදීම කරනවා. ඊට අමතරව නිරූපණ වැඩ කරගෙන ඉන්නවා.

උදව් කළ අය කවුද?

මුලින්ම මතක් කරන්න ඕන චාමිකව. එයා තමයි මේ හැමදේකම පිටිපස්සේ ඉන්නේ. ඒ වගේම සන්ධ්‍යා නැන්දා, අකිල රාජපක්ෂ අයියා සහ මට ෂූට් වලට ආරාධනා කරපු හැමෝටමත් මගේ පවුලේ අයටත් ස්තූති කරනවා.

කැළුම් දේවින්ද 

20201028HotArticle (10) 20201028HotArticle (1) 20201028HotArticle (3) 20201028HotArticle (4) 20201028HotArticle (6)