මේ බාධක මැද හෙමින් ආපු ගමනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210215imasha-5

ඉමාෂා නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා. ඒ වගේම ඇය පැජන්ට් ජයග්‍රාහිකාවක්. දිගු කාලයක් පුරාවට හෙමින් සිය නිරූපණ ගමන යන ඉමාෂාව සාරවිට කතාබහකට සම්බන්ධ කරගන්න අප සිතුවා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම ඉමාෂා දිල්ෂානි. මම වෘත්තීමය වශයෙන් නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරනවා. කෙටියෙන් කිව්වොත් මම සරල චරිතයක්.

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම උසස් පෙළෙන් පස්සේ රැකියාවක් කළා. ඒ කාලේදී තමයි සේනක සිල්වා සර් මාව මොඩ්ලින් ෆීල්ඩ් එකට සම්බන්ධ කරගත්තේ. දැනට ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන්ගෙන අවුරුදු 13ක් විතර වනවා.

ඔබ පැජන්ට්වලට සහභාගී වෙලා තිබෙනවාද?

ඔව්. මම 'Sunday Observer Ms. Lanka - 2014'පැජන්ට් එක ජයග්‍රහණය කරනවා. ඊට කලින් මම පැජන්ට් කිහිපයකටම සහභාගී වුණත් ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණේ නැහැ.

අවුරුදු දහ තුනක කාලයක් හෙමින් ගමනක් ආවේ ඇයි?

ඔව්. සෑහෙන්න බාධක මැද ගොඩක් හෙමින් ආපු ගමනක් මේක. අම්මා තමයි මට හැමතිස්සේම මට රුකුළක් වුණේ. ෆීල්ඩ් එක ඇතුළෙත් විවිධ ප්‍රශ්න ආවා. නමුත් අම්මා මට හයියක් වුණු නිසා හැමදේම සාර්ථකව කරගන්න පුළුවන් වුණා. අද මම ඉන්න තත්ත්වේ ගැන ගොඩක් සතුටුයි.

20210215imasha-7

ඔබ දායක වුණු නිර්මාණ ගැන කිව්වොත්?

මියුසික් වීඩියෝ කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට වෙළඳ දැන්වීම්, ෆොටෝෂූට්, වේදිකා නාට්‍ය වලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඒ වගේම චැනල් C ආයතනයේ අවුරුදු තුනහාමාරක් විතර නිවේදිකාවක් ලෙස කටයුතු කළා. මගේ දක්ෂතාවය බලලා හොඳ චරිතයකට මාව තෝරාගන්නවා නම් මම සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

එදා ක්ෂේත්‍රය තිබුණු තැන සහ අද තිබෙන තැන ගැන මොකද හිතන්නේ?

ඇත්තටම මම ෆීල්ඩ් එකට ආපු කාලේ ප්‍රවීණයෝ ගොඩක් හිටියා. ඒ අය ලොකු වැඩ කළා. ඒ අය කරගෙන ආපු දේවල් දැක්කාම දැන් අය කරන වැඩ සාර්ථක නැහැ කියලා හිතනවා. මොකද අද ගොඩක් අය ක්ෂේත්‍රයට එන්නේ ටික්ටොක් හරි මොකක් හරි සමාජ මාධ්‍යක් හරහා. ජනප්‍රිය වීමේ වුවමනාවක් තමයි ඔවුන්ට තියෙන්නේ. ෆීල්ඩ් එක ගැන හැදෑරිමකින් ආව අය අඩුයි. ඇත්තටම ඒ කාලේ සහ අද තියෙන තැන අතරේ ලොකු වෙනසක් තිබෙනවා.

'නිරූපණ ශිල්පිනියක්' කියන්නේ මොන වගේ කෙනෙක්ද?

නිරූපණ ක්ෂේත්‍රයේ category රැසක් තියෙනවානේ. සමහර අය පේපර් කවර්ස් විතරයි කරන්නේ. සමහරු බ්‍රයිඩ්ල් ෂූට් විතරයි. එහෙම නැත්නම් රෑම්ප් මොඩ්ල් කරන අය ඉන්නවා. නිරූපිකාවකට පෙනුම වගේම දක්ෂතාවයත් ඉතා වැදගත් වෙනවා. ෆොටෝෂූට් එකක් කළා කියලා එයා නිරූපිකාවක් වෙන්නේ නැහැ. ඒ වගේම එයාට ෆීල්ඩ් එක ගැන දැනුම තියෙන්න ඕනේ. මොකද අධ්‍යාපනයක් නැත්නම් මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න බැහැ.

ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

ඉස්සරහට මම දායක වුණු මියුසික් වීඩියෝවක් එළියට එන්න තියෙනවා. තවත් වැඩ කිහිපයක් තිබෙනවා. ඒ වගේම ලැබෙන හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන් මතක් කළ යුතු අය කවුද?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා නංගි සහ මාමාව. එතකොට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට මාව සම්බන්ධ කරගත් නුවන් තිසේරාට ස්තූතියි කරනවා. ඒවගේම සේනක සිල්වා සර් සහ චූලා අක්කාවත් මතක් කරනවා.

කැළුම් දේවින්ද

20210215imasha-120210215imasha-2 20210215imasha-3 20210215imasha-4 20210215imasha-6