නළු දොස්තරට හෝ ගගා හචිං යනවලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20181128doctor-1පහුගිය දවස්වල රට තුළ ඇතිවුණු ඇතැම් සිද්ධි හේතුවෙන් මේ පරණ කතාව අලුතින් මතකයට ආවා.

මේක සිද්ධවෙලා දැන් මාස දෙක තුනක් වෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ගමක රෝහලක දර්ශන කීපයකුත් රූපගත කෙරුණා.

කොළඹින් ගිය කණ්ඩායමට දොස්තර පාවිච්චි කරන MASK (මුහුණු ආවරණය) ගෙනියන්න අමතක වෙලා. එනිසා නිෂ්පාදන කණ්ඩායමේ වෑන් එකට කිව්වලු ටවුමෙ ෆාමසියෙන් මුහුණු ආවරණ පහක් විතර ගේන්න.

ඔන්න ඕක දාගත්තු වෙලේ ඉඳලා අර දොස්තරට රඟපාන නළුවා නන්-ස්ටොප් කිවිසුම් අරිනවලු. දෙබසක්වත් කියාගන්න බැරි සයිස් එකට අවුල්ලු.

පස්සෙ හොයලා බැලින්නම් මේකයි වෙලා තියෙන්නෙ. අර නිෂ්පාදන කණ්ඩායමේ මල්ලි ලොජ් එකට මිරිස් කුඩු ගේන බෑග් එකේමලු මේ මුහුණු ආවරණ ටික ගෙනල්ලා තියෙන්නෙ.

DESHAYA