Burger කන්න කැමති අයට The Burger



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අද අපි “කෑම බීම” පිටුවෙන් ඔබව රැගෙන යන්නේ Burgers වලටම විශේෂ වූ තැනකට. මහරගම, නාවින්න ප්‍රදේශයේ මෙය පිහිටා තිබෙනවා. බොහොම පහසුවෙන් මෙය සොයගැනීමටත් පුළුවන්. නුගේගොඩ සිට නාවින්න හන්දිය පසුකර මීටර් 100ක් යාමට ප්‍රථම වම් පසින් ‘The Burger’ පිහිටා තිබෙනවා.

අපිත් ආවා ‘The Burger’ අවන්හලට. පටන්ගනිද්දිම කියන්න ඕන සාමාන්‍යයෙන් නගරයක තියෙන සද්ද බද්දවලින් ඈත්වෙලා නිදහසේ කෑමවේලක් ගන්න පුළුවන් තැනක් කියලා මෙම ස්ථානය හඳුන්වන්න පුළුවන්. ‘The Burger’ වෙත යන ඕනෑම කෙනෙකුට නිදහස, නිස්කලංක බව උපරිම අත්විඳින්න පුළුවන්. මෙහි ඇතුළත අලංකරණ කටයුතු සිදුකරලා තිබෙන්නේ Mini Studio එකක ආකාරයෙන්. ඇත්තටම මෙය හරිම ලස්සනයි. ඒවගේම ඇහැටත් අමුතුම ප්‍රිය බවක් එකතු කරනවා.

‘The Burger’ අවන්හලේ විවධ රසයෙන් යුතු Burgers වලට අමතරව Beverages වගේම Desserts වර්ගත් තිබෙනවා. මුලින්ම Burgers ගැන කතා කළොත් Regular, Hot & Spicy, Cheesy Lava – Regular, Cheesy Lava – Hot & Spicy, Garlic Taste කියන රසවර්ගවලින් ඔබට Burgers ගන්න පුළුවන්. ඒ Chicken, Beef, Fish, Calamari, Parwn, Egg, Veggie මේ ඕනෑම දෙයක් මෙහි තිබෙනවා. Beverages එකතුවට Milk Cappuccino, Dark Cappuccino, Milk Oreo, Choco Oreo, Strawberry Frappuccino, Hot Chocolate, Fresh Apple Juice, Orange Juice ඇතුළත් වනවා. Dessertsවලට Choco Cream, Milk Cream, Strawberry Cream, Biscuit Pudding, Fruit Trifle, Choco Mousse ඇතුළත් වනවා.

ඉතින් මේ List එක දැක්කම ඔබට හිතෙනවා අතේ ඇති ගානට හිතේ හැටියට කන්න බොන්න පුළුවන් තැනක් තමයි ‘The Burger’ කියලා.

‘The Burger’ අවන්හල ආරම්භ කරලා තිබෙන්නේ 2018 අවුරුද්දේ. මෙය පවත්වගෙන යන්නේ නිලන්ති කාමල් පෙරේරා සහ යොහාන් රණසිංහ විසින්. ඔවුන්වත් අපි සම්බන්ධ කර ගත්තා.

“අපි පිටරටවලට ගියාම ඒ රටවල Burgers හදන විදහයි ලංකාවේ Burgers හදන විදහයි, පිළිගන්වන විදහයි දෙකක්. අපිට මුලදිම අවශ්‍ය වුණා වෙනසක් ඇති කරන්න. අපි මෙය ආරම්භ කරන්නේ Healthy Them එකකින්. අපි දකිනවා අද පිටින් කෑමක් කන්න ගියාම ගොඩක් කෑමවර්ග හදන්නේ අපේ ශරීරයට අහිතකර කෘත්‍රිම රසකාරක එකතු කරලා. අපිට අවශ්‍ය වුණා මේ දේවල්වලින් බැහැර වෙන්න. අදටත් වගකීමෙන් කියන්න පුළුවන් ‘The Burger’ අවන්හලේ ඔබට රසවිඳින්න ලැබෙන්නේ ස්වභාවික, කෘත්‍රිම රසකාරකවලින් තොර ආහාරවර්ග කියලා. අපි මෙතන කෑම හදාගෙන Store කරන්නෙ නැහැ. Customer කෙනෙක් ඇවිත් අපෙන් ඉල්ලුවම ඒ වෙලාවෙ තමයි හදලා දෙන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 15ක් යද්දි Customerට අවශ්‍ය දේ ඉතාම පිරිසුදුවට, පෝෂ්‍යදායී ලෙස, රසවත්ව හදලා දෙන්න පුළුවන්. මෙතන Dining Area එකේ එක්වරකට Customer ලා 11 දෙනෙකුට පමණ ආහාර ගන්න පුළුවන්. ඒ වගේම Take away තිබෙනවා. අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා Delivery Service එකක් ආරම්භ කරන්න.”

ඉස්සරහට Birthday Party එකක් වගේ Mini Party එකක් Organize කරන්නත් මේ café එකේ ඉඩ පහසුකම් සලසා දෙන්න ඔවුන් සූදානමින් ඉන්නවා. සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 11.00 සිට රාත්‍රී 11.00 දක්වාත්, ඉරිදා දින සවස 3.00 සිට රාත්‍රී 11.00 දක්වාත් The Burger ඔබ වෙනුවෙන්ම විවෘත වෙලා තිබෙනවා. ‘The Burger’ Face Book පිටුව හරහාත්, 0775 883 133 දුරකථන අංකය හරහාත් ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ‘The Burger’ සම්බන්ධ කරගන්න පුළුවන්.

 

සටහන - නදීශානි ගමගේ / ඡායාරූප - දුලිත ශ්‍රීනාත්

 

2019-02-08-ent-102 2019-02-08-ent-103 2019-02-08-ent-104 2019-02-08-ent-106 2019-02-08-ent-107 2019-02-08-ent-108 2019-02-08-ent-109 2019-02-08-ent-110 2019-02-08-ent-111 2019-02-08-ent-112 2019-02-08-ent-113 2019-02-08-ent-114