කල්පිටියේ සංචාරයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-03-ent-71

පටු වෙරළ තීරයකි හෙබි කල්පිටි වෙරළ තීරය හේතු ගණනාවක් හේතුවෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඒ නිසාවෙන්ම කල්පිටි ප්‍රදේශය සංචාරක ආකර්ෂණය වැඩියෙන් දිනාගත් ප්‍ර‘දේශයක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව තිබේ.

කල්පිටියට ඉහළින් කුඩා දූපත් 12ක් පිහිටා ඇති ඉන් බත්තලන්ගුණ්ඩුවට වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි. මෙය පැය දෙකක පමණ බෝට්ටු සංචාරයක් සහිත දූපතකි. එසේම අනිකුත් කුඩා දූපත්ද ඉතා ආකර්ෂණීයයි. කල්පිටිය නාවික කඳවුර අසලින් සෑම දිනකම උදේ 8.30ට සංචාරක බෝට්ටුවක් පිටත් වෙයි. මෙම ස්ථානයේදී ඩොල්පින් මසුන් නැරඹීමට හැකියාව පවතින නිසා දෙස් විදෙස් සංචාරකයන් අතර වඩාත් ප්‍රසිද්ධව පවතින ස්ථානයක් ලෙසද මෙය සඳහන් කිරීමට පුළුවන.

දැඩි අව් රශ්මිය සහිත ප්‍ර‘දේශයක් ලෙස කල්පිටිය හැඳින් වුවත් සයුරෙන් හමා එන සිසිල් සුළඟින් කිසිදු විඩාවක් ගතට සිසිලසක් එක්කරයි. ඒ මෙන්ම මෙහි ඇති තවත් සුවිශේෂතාක් වන්නේ ලෙස නුවරඑළිය ප්‍ර‘දේශයේ වගා කරන සෑම එළවළු වර්ගයක්ම පාහේ ඉතා සරු සාරව වැඩී ඇති අයුරු දැන ගැනීමට හැකියාව පැවතීමයි. මුහුදු වැලි මිශ්‍රිත පසකින් යුක්ත වුවද එළවළු මෙන්ම පලතුරු වර්ගද ඉතා සරුවට වැඩී ඇති අයුරු දක්නට ලැබේ.2019-01-03-ent-72

කල්පිටිය ප්‍රදේශයෙහි සංචාරයෙහි නිරත වන ඔබට ඉපැරණි ලන්දේසි බළකොටුවද එලෙසම අදද දැක ගැනීමට හැකියි. මෙය එක්දහස් හයසිය ගණන්වලදී ඉදිකර තිබෙන බවයි සඳහන්ය. මේ අතර කල්පිටිය ප්‍රදේශය තවත් ප්‍රසිද්ධව ඇත්තේ ධීවර කර්මාන්තයටය. කඩොලාන කලපු ආසන්නයේ ඉස්සන් ඇතුළු කුඩා මසුන් බහුලව දැක ගැනීමේ හැකියාව පවතින අතර කුඩා ඔරුවලින් ධීවර කර්මාන්තයේ නිරත පිරිස්ද මෙහි බහුල වශයෙන් දැක ගැනීමේ හැකියාව පවතී.

එසේම කරවල වාඩි වෙරළ තීරය දිගටම දැක ගැනීමට හැකි වන අතර කල්පිටිය ලුණු කර්මාන්තයට වැඩි ප්‍රසිද්ධියක් උසුලයි. මග දෙපස කඳුගැට මෙන් ලුණු ගොඩගසා ඇති අයුරු දක්නට ලැබෙන අතර මේවා ද කල්පිටිය ප්‍රදේශය සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හේතුවී තිබේ.

කල්පිටිය සංචාරයේදී නැරඹීමට හැකි තවත් සුවිශේෂ ස්ථානයක් ලෙස තලවිල සාන්ත ආනා දේවස්ථානය හඳුන්වා දිය හැකිය. කිතුණු බැතිමතුන් මෙන්ම අන්‍යාගමිකයන්ද වසර පුරාවට සංචාරය කරන පුදබිමක් ලෙස මෙය සැලකෙයි. මෙම දේවස්ථානය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මෑණියන් වන මරිය මව්තුමියගේ මව වන සාන්ත ආනා මුනිවරියට කැපකර ඇති දේවස්ථානයයි. මෙහි ආරම්භය 17 වැනි සියවසේ අගභාගය දක්වා දිවයන අතර දේවස්ථානය පිළිබඳ ජනප්‍රවාද බොහොමයක් පවතියි.

ඉන් එක් ජනප්‍රවාදයක් වන්නේ සාන්ත ආනා නමැති පෘතුග්‍රීසි සංචාරකයෙක් මුහුදේදී තම නැව මුහුදුබත් වූ බවත් එම නැවියා නැවෙහි තිබූ සියලු බඩු භාහිරාදිය අතහැර දමා එහි තිබූ සාන්ත ආනා පිළිරුව පමණක් රැගෙන ගොඩබිමට පීනූ බවත්ය. එම පිළිරුව වෙරළේ පිහිටි දැවැන්ත නුග ගසක බෙනයක තැන්පත්කර තම ව්‍යාපාර සාර්ථක වුවහොත් නැවත මෙරටට පැමිණ මෙම ස්ථානයේ දේවස්ථානයක් සාදන බවට භාරයක් වූ බවත් ඒ අනුව සාන්ත ආනා දේවස්ථානය ඉදි කළ බවත් ඉන් ප්‍රකට ජනප්‍රවාදයකි.

1739 වසරේදී පොල් අතු සෙවිලි කළ දේවස්ථානයක් ලෙස තිබී ඇති මෙහි 1837 දී වර්තමාන දෙව්මැදුර ඉදි කර තිබේ. මෙම දෙව්මැදුරෙහි වසරේ මාර්තු හා අගෝස්තු මාසවල මංගල්‍ය පවත්වනු ලබයි. එම මංගල්‍යන්ට දෙස්විදෙස් විශාල බැතිමත්හු පිරිසක් මෙහි පැමිණෙති. මේ අතර තලවිල පල්ලිය එම ප්‍ර‘දේශයේ ධීවර කර්මාන්තයේ නියැලි ජනතාවගේ අභිප්‍රා‘යන් ඉටුකර ගැනීමට හැකි දේවස්ථානයක් ලෙසද ඔවුහු සලකති. පවුල් ජීවිත සුරක්ෂා කර ගැනීමට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැනි කාරණා ඉටු කර ගැනීමට සාන්ත ආනා මෑණියන් පිහිටවන බවද ඔවුහු විශ්වාසය පළ කරති.

තලවිල සාන්ත ආනා දේවස්ථානය මඩු දේවස්ථානයට පමණක් දෙවැනි වන ඉතාම ප්‍රසිද්ධ දේවස්ථානයකි. මේනිසා කල්පිටියේ සංචාරය කරන ඔබට ඉහත සඳහන් අලංකාර මෙන්ම ඓතිහාසික ස්ථාන දැකබලා ගැනීමේ හකියාව පවතී.

 

ශාන්බන්දු වීරසිංහ

 

2019-01-03-ent-70   2019-01-03-ent-73 2019-01-03-ent-74 2019-01-03-ent-75 2019-01-03-ent-76 2019-01-03-ent-77 2019-01-03-ent-78 2019-01-03-ent-79 2019-01-03-ent-80