කෝච්චි පෙට්ටියක කෑමවේලක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෝච්චි ස්ටේෂන් එකකට බෝට්ටුවෙන් ගිහින් කෝච්චි පෙට්ටියක් ඇතුළෙම අමතක නොවන කෑමවේලක් ගන්න පුළුවන් තැනකටයි අද අපි ඇවිත් ඉන්නේ. මේ දියත ස්ටේෂන් එක. කිසිදා කෝච්චි ගමන් නැති අමුතු තාලේ කෝච්චි පෙට්ටියක් ඇතුළෙයි අද අපි කෑම කන්න හිතන් ඉන්නේ. ඔන්න ඉතින් ඒ ආසාවත් එක්ක අපි දියත පාර්ක් එකට ආවා. දියත පාර්ක් එකේ දියවන්නා ඔය අද්දර තියෙන පුංචි බෝට්ටුවකින් අපි දියත ස්ටේෂන් එකට ආවෙ බෝට්ටු සවාරියකිනුත් පස්සෙ. ඒ විතරක් නෙවෙයි, ඔන්න බෝට්ටුවෙ එන්න අකමැති කවුරුහරි කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් රාජගිරිය අඹගහ හන්දියට ඇවිත් කොස්වත්ත පාරේ මීටර 100ක් විතර ආවම මුණගැහෙන නෙළුම් පෙදෙස පාරෙන් කෙළින්ම ඇවිත් දියත ස්ටේෂන් එකට එන්න. හැබැයි ඉතින් කියන්න ඕනෙ බෝට්ටුවෙන් කෝච්චි ස්ටේෂන් එකකට යන්න පුළුවන් තැනක් ලංකාවෙ වෙන කොහෙවත් නෑ. ඒ නිසා Experience එක ගන්න අමතක කරන්න එපා.

දියත ස්ටේෂන් එක පටන් අරන් තියෙන්නේ 2018 අවුරුද්දේ. මේක ඇත්තටම කෝච්චි ස්ටේෂන් එකක්ම තමයි. වැඩේ තියෙන්නේ මේ කෝච්චිය හැමදාම එකම තැන තියෙන එක. බෝට්ටුවෙන් බැහැලා දකුණු පැත්තට හැරිලා යද්දි දියත ස්ටේෂන් කියන බෝඩ් එක දකින්න පුළුවන්. ඔන්න දැන් අපි ස්ටේෂන් එකට ආවා. ස්ටේෂන් එකේ Platform එක වගේ හදපු කොටසේ පුටු තියලා තියෙනවා. මෙතනට වෙලා පැය ගානක් වුණත් ඉස්සරහ තියෙන දියවන්නා ඔය දිහා බලන්න ඉන්න පුළුවන්. හරිම නිස්කලංකයි. පුදුම සුන්දරත්වයක් තියෙන්නේ. දියත ස්ටේෂන් එකේ තියෙන්නේ Street Food Concept එකක්. ඒ කියන්නේ කොත්තු, පරාටා, නාන් රොටි, පොල් රොටි වගේ කෑම ජාතිවලින් නම් අඩුවක් නැහැ. අනික අතේ ඇති ගාණට කෑම මිලදී ගන්නත් පුළුවන්. Self Service තමයි තියෙන්නේ. Platform එක දිගට Restaurants කිහිපය ඉදිකරලා තියෙනවා. මුලින්ම අපි ගියේ Rottia’s Kitchen එකට. ඒක රොටිවලටම විශේෂිත Restaurant එකක්. අපි මුලින්ම තෝරගත්තේ Pol Rotti Tempered Prawn ‘& Katta Samol. ඒකටම හරියන්න හොඳ කොච්චි සම්බෝලෙකුත් තිබෙනවා. ඇත්තටම හරිම රස Dish එකක්. කද්දි තමයි දැනගත්තේ මේ පොල් රොටි එක කන්න ඕනෙ නම් ලංකාවෙ යන්න තියෙන එකම තැන දියත ස්ටේෂන් එක කියලා. ඒ කියන්නේ මේක එයාලටම ආවේණික Signature Dish එකක්. Diyatha Club Sandwich කියන්නෙත් ඒ වගේම Signature Dish එකක්. මේකත් එක්ක මදි නොකියන්න Potato Chips එහෙමත් හමුවෙන නිසා ඒකටම බඩ පිරෙනවා. ඒ විතරක් නෙවෙයි, අපිට දියත ස්ටේෂන් එකේදි ලංකාවටම ආවේණික දුන්තෙල් බතකත් රස බලන්න පුළුවන් වුණා. කෝච්චි පෙට්ටියක් ඇතුළේ මේ කෑමවල රස බලන්න ලැබෙන නිසා මේක ජීවිතේට ලැබෙන අමතක නොවන අත්දැකීමක් කිව්වොත් හරි. ඒ වගේම Desserts, Beverages, Sandwich වර්ග ඇතුළුව කෑම බීම 50කට ආසන්න සංඛ්‍යාවක් තියෙන නිසා හොඳම තේරීමක් කරන්නත් පුළුවන්. සතියේ දිනවල සවස 4.00 සිට රාත්‍රී 11.00 දක්වාත්, සතිඅන්තයේ දිනවල උදෑසන 11.00 සිට රාත්‍රී 11.00 දක්වාත් දියත ස්ටේෂන් එක විවෘත වෙලා තියෙනවා. කාටහරි ඕනෙ නම් Birthday Party එකක් වගේ Mini Party එකක් Organized කරන්න ඒ සඳහාත් මෙතන අවස්ථාව තිබෙනවා. ඒ ගැන තොරතුරු 077 4127307 ඇමතීමෙන් දැනගන්න පුළුවන්. ඉතින් අපිත් ඔබට ආරාධනා කරනවා කිසිදා ගමන් නොයන කෝච්චි පෙට්ටියක් ඇතුළේ කටට රසට කෑම ටිකක් කාලා යන්න ප්‍රමාද නොවී අදම දියත ස්ටේෂන් එකට එන්න කියලා.

(විශේෂ ස්තුතිය - දියත් ස්ටේෂන් සහ waters edge කාර්යය මණ්ඩලයට)

 

සටහන - නදීශානි ගමගේ

ඡායාරූප - දුලිත ශ්‍රීනාත්

 

2019-03-08-ent-02 2019-03-08-ent-03 2019-03-08-ent-04 2019-03-08-ent-05 2019-03-08-ent-06 2019-03-08-ent-07 2019-03-08-ent-08 2019-03-08-ent-09 2019-03-08-ent-10 2019-03-08-ent-11 2019-03-08-ent-12 2019-03-08-ent-01