කොළඹ පැරණිම හෝටලය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-20-ent-187

පැරණි කොළඹ නගරයේ ඓතිහාසික සළකුණවලින් එකක් තමයි Grand Oriantal Hotel කියන්නේ. අද අපි කතා කරන්න හදන්නේ කොළඹ නගරයේ පැරණිතම හෝටලය වන  Grand Oriantal Hotel එක ගැනයි. Grand Oriantal හෝටලය ආරම්භ වන්නේ 1837 වසරේදියි. Grand Oriantal Hotel පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක්ද වනවා. මේ වනවිට Grand Oriantal හෝටලය 182 වැනි විය සම්පූර්ණ කර තිබෙනවා. Grand Oriantal පිහිටා තිබෙන්නේ අංක 02, යෝක් විදීයේයි.

බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකෙරුණු Grand Oriantalහි පැරණි ගෘහනිර්මාණ ශිල්පී දක්ෂතා විනාශ නොකර ඒවා සංරක්ෂණය කරමින් අලංකාර ලෙස යොදා ගැනීමට එහි පාලන අධිකාරිය කටයුතු කර තිබෙන බව කියන්නට ඕනේ. මේ නිසාම කොළඹට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් මේ හෝටලයේ නවාතැන් ගැනීමට පෙළඹෙන්නෙත් එහි ඇති ආකර්ෂණීය පැරණි ගෘහ නිර්මාණ දැක ගැනීමේ අරමුණින්.

මෙහි ආහාර ගැනීම සඳහා පැමිණෙන ඔබ සඳහා විවෘත වූ අවන්හල් දෙකක් තිබෙනවා. Grand Oriantalහි බිම් මහලේ තිබෙන “Sri Lankan Restaurant” හි දේශීය ආහාර වේලක රස ඔබට අත් විඳීමට හැකියාව පවතිනවා. විශේෂයෙන් Sri Lankan Resturant සඳහා විදේශික ආකර්ෂණය ඉහල මට්ටමක පවතින බව අපට දැනගන්න ලැබුණා. Sri Lankan Resturantහි දිවා ආහාර වේලක මිල රුපියල් 875/- සිට ආරම්භ වෙනවා. රුපියල් 875/- කට දේශීය ආහාර වේලක රස කොළඹ වැනි නාගරික පරිසරයකදී ලබා ගන්නට හැකිවීම ඇත්තටම සතුටට කරුණක්. මේ සමග අතුරපසද ලබාගැනීමට හැකියි.

Grand Oriantalහි සිව් වැනි මහලේ තිබෙන “Harbour Room Restaurant” ආහාර වේලක් ලබා ගැනීමට පැමිණෙන සංචාරකයන්ට එහි ඇති ලොකුම වාසිය වන්නේ මුහුදට මුහුණලා ආහාර ගැනීමට ඇති හැකියාවයි. එයට හේතුව ශ්‍රී ලංකා වරාය අධිකාරියට යාබදව ඇති Grand Oriantal හෝටලය පිහිටා තිබීමයි. අලංකාර මුහුදේ ආශ්චර්ය විඳිමින් සුබෝපභෝගී ආහාර වේලක් රස විඳීමට දෙස් විදෙස් සංචාරකයන් මෙහි පැමිණෙනවා. Harbour Room Restaurantහි දිවා ආහාර වේලක් 1880/- මිලකට ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව Harbour Room Restaurantහි ආහාරවල මිල ගණන් මෙසේයි.

International Dinner Buffet – Every Monday to Friday - Rs. 2200/- Nett Seafood Night Dinner Buffet – Every Friday , Rs. 2400/- Nett

Sunday Family Dinner Buffet – Every Sunday , Rs.2200/- Nett

කොළඹට පැමිණෙන ඔබට දැරිය හැකි මුදලකින් නවාතැන් ගැනීමට මේ හෝටලයේ හැකියාව පවතිනවා. කාමරයක මිල ගණන් ඇරඹෙන්නේ ඇ.ඩො. 60කින්. තනි කාමර, දෙදෙනෙක් සඳහා සහ පවුලේ සැමට නැවතීමට හැකි ලෙස මෙහි කාමර සැකසී තිබෙනවා. ඔබේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් වන විවාහ උත්සවය, උපන්දින සාද වැනි උත්සව සඳහාද විවිධ සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා උත්සව ශාලාවන් ඉතා සහනදායී මිලකට සහ උසස් තත්වයේ සේවයක් ලබාදීමට Grand Oriantal කාර්ය මණ්ඩලය සූදානමින් සිටිනවා.

කොළඹට පැමිණෙන සංචාරක ඔබට ආරක්ෂාකාරී, සුවපහසු සහ සහනදායී මිලකට ඔබේ අවශ්‍යතා ඉටු කිරීමට හැකි ස්ථානයක් ලෙස Grand Oriantal Hotel හඳුන්වන්න පුළුවන්.

දුරකතන අංකය - 011 2 320320

විශේෂ ස්තූතිය - දේශානි පෙරේරා (Senior Public Realations & Sales Executive - Grand Oriantal Hotel)

 

සටහන - කැළුම් දේවින්ද ඡායාරූප - සුපුන් උදයංග

 

2019-02-20-ent-174 2019-02-20-ent-175 2019-02-20-ent-176 2019-02-20-ent-177 2019-02-20-ent-178 2019-02-20-ent-179 2019-02-20-ent-180 2019-02-20-ent-181 2019-02-20-ent-182 2019-02-20-ent-183 2019-02-20-ent-184 2019-02-20-ent-185 2019-02-20-ent-186  2019-02-20-ent-188