චීනයේ අමුතු කලා රඟහල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-26-ent-153

සේද මාවතේ  සංචාරයේ  යන අතර වාරයේදී .හමුවූ  අමුතු කළා රඟහලක් ගැන කියන්නයි මේ හදන්නේ. මේ රඟහල තියෙන්නේ චීනයේ  ෂින්ජියාන් ස්වායත්තයේ  උරුමුචි  නගරයේ.

චීනයේ බහු ජාතීන් වෙසෙන මේ පළාතේ විවධ ජාතීන් වලට අයත්  කළා කරුවන්ගේ අපුරු නිර්මාණ කුසලතා මෙහිදී දැකගන්න පුළුවනි. මෙහි චීනයේ වෙසෙන විවධ බහු ජාතීන් ගෙන් සමන්විත සංගීත කණ්ඩායම හරිම ප්‍රකටයි.  ඒ වගේම, මෙහි පැවැත්වෙන ප්‍රසංග එහෙමත් හරිම වෙනස්.

පොඩ්ඩක් හිතන්න විවධ ජාතීන්ගෙන් සමන්විත රංගනයක්, නර්තනයක්, නාට්‍යක්, ඉදිරිපත් කරද්දී දැනෙන්නේ මොනවගේ වෙනසක්ද කියලා. ඒ වෙනස මෙතනදී හරි අපුරුවට  වින්දනය කරන්නට පුළුවනි. කලාවට ජාති ආගම් භේද  නැති බව. ඉතා හොඳින් ප්‍රකාශ කෙරෙන තැනක් ලෙස මෙම රඟහල හැඳින්වීම වරදක් නෙවෙයි.

මෙම රඟහලේ  තිරය ඩිජිටල් එකක්. එය විටෙක ත්‍රිමාන ගතියෙන් පෙනෙනවා. වේදිකාව  මත ආලෝකකරණයෙන් සහ මෙම ඩිජිටල් හරඹයෙන් දක්වන  වර්ණවත් රටාව ඇත්තටම මැජික් එකක් වගෙයි. ඒ හැඩතල සහ රටාවන් ගැන ඔබට මේ ජායාරුප වෙතින් හොඳට පැහැදිලි වේවි කියලා අපි හිතනවා.

 

සටහන / ජායාරුප - සඳුන් ගමගේ

 

2019-03-04-ent-112 2019-03-04-ent-113 2019-03-04-ent-114 2019-03-04-ent-115 2019-03-04-ent-116 2019-03-04-ent-117 2019-03-04-ent-118 2019-03-04-ent-119 2019-03-04-ent-120 2019-03-04-ent-121 2019-03-04-ent-122 2019-03-04-ent-123 2019-03-04-ent-124 2019-03-04-ent-125