චීනයේ කාර් හදනවා බලමුද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-26-ent-140

2019-02-26-ent-153සේද මාවතේ චාරිකා ගමනේ යෙදෙන අතරවාරයේදී  අද මාත් එක්ක චීනයේ කාර් හදන කොම්පැනියක් වෙත යන්න එන්න. මේ  කාර්  හදන සමාගම තියෙන්නේ  චීනයේ  ෂින්ජියාන්  ස්වායත්තයේ  උරුමුචි නගරයේ. චීනයේ විශාලතම  කාර් නිෂ්පාදන ආයතනයක් වන  Guangzhou Automobile group ආයතනයේ Xinjiang හි ශාඛාව වන්නේ මෙයයි. කාර්  එකක  එන්ජිමේ සිට  සියලු දේ  නිෂ්පාදනය කෙරෙන්නේ මෙතනින්. මෙහි සිටින  සේවය කරන වැඩි දෙනා  යාන්ත්‍රික සහ තාක්ෂණික  අංශයේ සරසවි  අධ්‍යාපනය හැදෑරු තරුණයින්. එයාලගේ වැඩ හරිම කාර්යක්ෂමයි. මෝටර් රථ  නිපදවන  මෙම ආයතනය ඇතුලේ සේවය කරන  පිරිසට අමතරව රොබෝ යන්ත්‍ර  මගින් ඇනයේ  සිට  සියල්ල ළඟටම  සම්පාදනය කර දෙනවා. කාර් එකක් සදා  ඉවර කරාට පස්සේ එයාල අපිව රවුමකුත් එක්ක ගෙන ගිහින්  පෙන්වනවා.  මේ  කාර් නිපදවන්නේ යුරෝපයට යවන්නත් එක්කයි.  ඒ නිසා ඉස්තරම්ම නිමාවෙන් නිපදවන බව කියන්න පුළුවනි. හැබැයි අපිට ඒ කියන්නේ ලංකාවට  මේවා  හරි යන්නේ නැත්තේ වමෙන් පැදවීමට  විතරක් නිෂ්පාදනය කරන නිසයි. එහෙම නම් බලන්නකෝ  මේ  මෝටර් රථ හැදෙන විදියේ ඡායාරූප කිහිපයක්.

සටහන ඡායාරූප - සඳුන් ගමගේ 

 

2019-02-26-ent-139  2019-02-26-ent-141 2019-02-26-ent-142 2019-02-26-ent-143 2019-02-26-ent-144 2019-02-26-ent-145 2019-02-26-ent-146 2019-02-26-ent-147 2019-02-26-ent-148 2019-02-26-ent-149 2019-02-26-ent-150 2019-02-26-ent-151 2019-02-26-ent-152  2019-02-26-ent-154