චීනයේ ෂින්ජියාන් ස්වායත්තයේ අපුරු වෙළඳ වීදිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සේද  මාවතේ  සංචාරයේ යෙදෙන අතරවාරයේ  අද මා ඔබට විස්තර කරන්නේ  චීනයේ  ෂින්ජියාන්  ස්වායත්තයේ  ඇවිදින වෙළඳ  වීදිය  ගැනයි. මේ  කලාපය  හරිම සුන්දර  තැනක් ලෙස හඳුන්වන්න  පුළුවනි. එකත් අතකට මෙය  සැලසුමකට  අනුව සකස් කළ  නගරයක් ලෙසයි පෙනෙන්නේ. හැමෝම වගේ මෙතෙන්ට එක් රොක් වන්නේ තමුන්ට කැමති විදියට  විනෝද වෙලා යන්නයි. මෙතන ඇති ෆුඩ් කෝට්  එක (food court) නැත්නම්  ආහාර පාන ඇති අවන්හල් හරිම ජනප්‍රියයි. තාරුණ්‍ය  වගේම වැඩිහිටි අයත් මෙතනට නිතර  එන්නේ  කැමති කෑමක්  කාලා, රවුමක් ගහලා යන්නයි.

2019-02-26-ent-153මේ අවට විවිධ වෙළඳ කුටි තනා තිබෙන්නේ හරිම නිර්මානාත්මක විදියටයි. ලීයෙන් නිර්මාණය කර ඇති මෙම වෙළඳ කුටි එහෙට මෙහෙට ගෙන් යා හැකි විදියට රෝද  සවි කර තිබෙනවා. රස කැවිලි වර්ග, ධාන්‍ය ආහාර වලටත් මේ තැන හරිම ප්‍රසිද්ධයි. කුරු වල ඇමිණු  BBQ  වලට තියෙන්නේ ලොකු ඉල්ලුමක් ඒවායෙහි රස මෙම ෂින්ජියාන්  ස්වායත්තයටම විතරක් සීමා වූ ඒවා කියලා කියන්නත් පුළුවනි. මේ  කලාපය අවට ඇති  පාන් සාදන තැන ගැනත් කියන්නම වෙනවා. ඒවා  අපේ ලංකාවේ වගේ හදන  පාන් ගෙඩි නම් නෙවෙයි. විශාල  රොටියක. බනිස් ගෙඩියක හැඩයට තමයි  පාන් හදන්නේ. ඒ  පාන් නම් ඇත්තටම  හරිම රසයි. පාන් කන්න ඔලිව් තෙල් වගේම රසවත් බටර් වර්ගත් දෙනවා. ඒ  විතරක් නෙවෙයි පාන් හදන හැටිත්  බලාගන්න පුළුවනි.

ඇත්තම කිව්වොත් මෙතන හැම දෙයක්ම  තනා තිබෙන්නේ පිළිවෙලකටයි. මේ කලාපයේ වෙසෙන්නේ  බහු ජාතීන්  ඒ  නිසා  සියලු  දේ  වෙතින් වෙනසක් දකින්න පුළුවනි ,නගර වැසියනුත් හරිම සාමකාමියි , හවසට මෙතන එළිමහනේ සිට සංගීතය රස විඳින්නත් පුළුවනි. මේ  ෂින්ජියාන්  ස්වායත්තයට  විශේෂ වූ  සංගීතයේ  ආස්වාදය ලබන්න පුළුවනි. නගරයක් කලාත්මකව හදලා තියෙන විදිය ගැන දැනගන්න නම් මේ තැන ඇත්තටම ඊට හොඳ  තැනක් කියලා නම් කරන්නත් පුළුවනි. හොඳයි එහෙනම් මා කියූ මේ දේවල් මේ  ජායාරුප බලලාම  දැකගන්නකෝ.

 

සටහන /ජායාරුප - සඳුන් ගමගේ 

 

2019-03-27-ent-257 2019-03-27-ent-258 2019-03-27-ent-259 2019-03-27-ent-260 2019-03-27-ent-261 2019-03-27-ent-262 2019-03-27-ent-263 2019-03-27-ent-264 2019-03-27-ent-265 2019-03-27-ent-266 2019-03-27-ent-267 2019-03-27-ent-268 2019-03-27-ent-269 2019-03-27-ent-270 2019-03-27-ent-271 2019-03-27-ent-272 2019-03-27-ent-273 2019-03-27-ent-274 2019-03-27-ent-275 2019-03-27-ent-276