ජෙලි නාන්න කැ‍ලේ යමුද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-192

අපි මේ සතියේ ඔයා එක්ක යන්නේ හරිම interesting game එකකට. මේක ඇත්තටම කිව්වොත් jungle game එකක්. කැලෑවේ ගිහිල්ලා team දෙකකට බෙදිලා මිලිටරි ඇඳුම් ඇඳගෙන කරන අමුතුම game එකක්. කොළඹ නුවර පාරේ යක්කල හන්දියට ගිහින් රදාවාන පාරේ 4kmක් විතර යද්දි Splatter paintball board  එක පේනවා. මීටර් 300ක් විතර එතන ඉඳන් කන්ද උඩට යද්දි තමා paintball කියන jungle game එකට සෙට් වෙන්න පුළුවන් පොට් එක හම්බෙන්නේ.  Level 01 ඉඳන් සෙල්ලම් කරන්න ඕන. හැම උපදෙසක්ම හැම ආරක්ෂාවක්ම එතන හම්බෙනවා. 

මේ game එකේ game වර්ග තුනක්  තියෙනවා. Woods ball, speed ball සහ Scenario games තමයි ඒ games තුන් වර්ගය. paintball කියන්නේ ඇත්තටම හරිම විනෝදාස්වාදයක් ගෙනෙන ගේම් එකක්. paintball කියන්නේ ජෙලටින් බුලට් එකක්. ඒ ජෙලටින් බුලට් එක තමයි උණ්ඩය විදිහට පාවිච්චි කරන්නේ. ඇඟේ වැදුණම ජෙලටින් ෂෙල් එක පුපුරලා ජෙලි එක ඇඟ පුරාම ගෑවෙනවා. මේ game එකට world cup එකක් පවා තියෙනවා. ඒක ඒ තරම් ප්‍රසිද්ධ ක්‍රීඩාවක්.  paintball කරන තැන් ලංකාවේ ප්‍රදේශ කිහිපයක තිබුණත් කැලෑවක් ඇතුළේ මේ game එක සෙල්ලම් කරන්න පුළුවන් අපිත් එක්ක විතරයි.  painඑ ball ගේම් එකේදී පැය 3 2/1ක කාලයක් හම්බෙනවා. බුලට් 110ක් gun එක ඇතුළු ආරක්ෂිත උපකරණත් හම්බෙනවා. Welcome drink එකත් එක්ක lunch එක වගේම තව ගොඩක් දේවලුත් හම්බෙනවා. මේ ඇරුණම අපි එයා රයිෆල්, ටාගට් ෂූටිං වගේම රොක් ලයින්බන් OBT  ට්‍රේනින් අවශ්‍ය අයට ඒවත් ලබා දෙනවා. ඒ හුඟක් කම්පණි මට්ටමින්.

ඉතින් ඔහොම තමයි Splatter paintball අයිතිකාරිය වෙච්ච චාමලිකා අල්විස් අපිත් එක්ක කිව්වේ. ඉතින් අලුත්ම විදිහේ අලුත් අත්දැකීමක් විඳින්න හිතුණොත් ඔයත් ගිහින් එන්න.

 

  ► Text and pic – Channa Kassapa Koralearachchi

 

2019-01-09-ent-184 2019-01-09-ent-185 2019-01-09-ent-186 2019-01-09-ent-187 2019-01-09-ent-188 2019-01-09-ent-189 2019-01-09-ent-190 2019-01-09-ent-191  2019-01-09-ent-193 2019-01-09-ent-194