නගරය මැද නිස්කලංක Queensburry



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-13-ent-114

නගරය මැද්දේ තිබුණත් හරිම නිස්කලංක විදිහට ඉන්න පුළුවන් හෝටලයකට තමයි මේ සතියේ අපි ඔයත් එක්ක යන්න හිතුවේ. මාලඹේ කඩුවෙල පාරේ පිහිටා තිබෙන මේ හෝටලේ නම Queensburry. අපි එහෙ යද්දි අපිව පිළිගන්න ඉස්සරහට ආවේ තනූජා. තනූජා සහ කණිෂ්ක තමයි මේ හෝටලයේ හැමදේම බලාකියාගන්නේ.

Queensburry හෝටලයේ අයිතිය තියෙන්නේ මුතුමුණි නිහාල් චන්ද්‍රවංශ සිල්වා කියන ව්‍යාපාරිකයාට. ඔහුගේ බිරිඳ ප්‍රදීපා ජයරත්න, තරැෂ සහ ඉරැෂ පුතාලා එයාගේ ජීවිතේ හෙවණැල්ලක් වගේ ඉඳගෙන එයාගේ වැඩවලට උදව් වෙනවා. මොකද නිහාල් චන්ද්‍රවංශ කියන්නේ පානදුරේ පිහිටලා තියෙන තවත් ලොකු හෝටලයක සහ විලා එකක අයිතිකාරයෙක්. Queensburry හෝටලයේ කාමර 19ක් තියෙනවා. හුඟක් වෙලාවට මෙහි නවතින්න එන්නේ ඉන්දියානු, චීන සහ පිලිපීන් ජාතිකයන්. තවම රෙස්ටුරන්ට් එකක් නැති වුණත් හෝටලයේ නවතින අයට හෝටලයෙන්ම කෑම වේල ඇනවුම් කරන්න පුළුවන්.

විවාහ මංගල උත්සව, උපන්දින සාද ඇතුළු ඕනෑම උත්සවයක් වෙනුවෙන් ලබාදෙන විශාල උත්සව ශාලා දෙකක් හෝටලය සතුයි. ඒ උත්සව ශාලා දෙකේ 1000කට අධික පිරිසක් වෙනුවෙන් ඉඩකඩ තියෙනවා. විවාහ මංගල උත්සවයකදී නම් තමන්ට කැමති පරිදි තෝරගන්න මෙනූ 5ක් තියෙනවා. තව තව වාසි රුසකුත් යම් යම් කොන්දේසි මත පාරිභෝගිකයන්ට ලැබෙනවා. මේ හෝටලයේ තිබෙන විශේෂත්වය තමයි කාමරයේ නවාතැන් ගත්තම වාහන නලා ශබ්දයක්වත් නෑසෙන තරම් නිස්කලංක බවකින් පිරී තිබීම. ඒ වගේම ඉතාම සුහදශීලී සේවාවක් නවාතැන් ගන්නවුන් වෙනුවෙන් ලබාදීම.

ඉතින් විශේෂයෙන්ම කොළඹ ඉන්න ඔයාලට ලේසියෙන් පහසුවෙන් සුහද සේවාවක් එක්කම උත්සවයක් වෙනුවෙන් වෙන්කරගන්න කියාපුම තැනක් ගැන තමයි ඔන්න මේ සතියේ අපි ඔයාලට කිව්වේ. එන සතියෙත් අපිත් එක්ක යමු කොහේහරි.

 

Text -Sanju Pic - Channa Kassapa Koralearachchi

 

2018-12-13-ent-111 2018-12-13-ent-112 2018-12-13-ent-113  2018-12-13-ent-115 2018-12-13-ent-116 2018-12-13-ent-117 2018-12-13-ent-118 2018-12-13-ent-119 2018-12-13-ent-120 2018-12-13-ent-121 2018-12-13-ent-122 2018-12-13-ent-123