නිස්කලංක හවසට Crow Island



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190301Trvel-(8)

රත්තරන් පාටින් දිලිහෙන අව් රැල්ලේ ආඩම්බරකම අඩුවෙනකම් ඉඳලා අපි ගියා හැන්දෑවේ අපූරු මුහුදු වෙරළකට. මුහුදු වෙරළක් කිව්වට ඒ මුහුදු වෙරළ තියෙන්නෙ වෙරළ උද්‍යානයක් එක්ක. Crow Island කියලා තමයි ඒ අපූරු වෙරළ උද්‍යානයට නම් දීලා තියෙන්නෙ.

කොළඹට වැඩි ඈතක් නැති මට්ටක්කුලියෙ තමයි මේ හිත නිවන සුන්දර මුහුදු උද්‍යානය තියෙන්නෙ. 2016 අවුරුද්දෙන් පස්සෙ සංචාරකයන් උදෙසා අවශ්‍ය පහසුකම් රැසක් සමඟ නවීකරණය කළ Crow Island හි දරුවන් වෙනුවෙන් නිදහස් ළමා උයනක් තියෙනවා. කටට රහට මොනවහරි කන්න බොන්න හිතුණොත් පුංචි පුංචි බොජුන් හල් ගණනාවකින් මේ වෙරළ උද්‍යානය සමන්විතයි. ලංකාවෙ වෙරළ උද්‍යාන හුඟක් අඩුයි. Crow Island සංචාරකයන්ගෙ විශේෂ ආකර්ෂණයට ලක්වෙන්නෙ අන්න ඒ හේතුවත් එක්කමයි. ඉතින් ලබන සතියෙ තවත් කොහේ හරි ගිහින් එනකම් Crow Island ගිහින් එන්න.

 

► Text  / pic – Channa Kassapa Koralearachchi

20190301Trvel-(2) 20190301Trvel-(3) 20190301Trvel-(4) 20190301Trvel-(5) 20190301Trvel-(6) 20190301Trvel-(7) 20190301Trvel-(8) 20190301Trvel-(9) 20190301Trvel-(10)