පවුලේ සාද වලට වෙල් යායක් ළඟ හෝටලයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190428Hotel-(1)

ආඬිඅම්බලම Green View Hotel එක ගැන තමයි අපි අද ඔයාලට කියන්නේ. සුන්දර වෙල් යායක් ආසන්නයේ තිබෙන මේ හෝටලය පවුලේ සාද පැවැත්වීමට නම් කියාපු තැනක්. මෙම හෝටලය තිබෙන පරිසරය සම්පූර්ණයෙන්ම හරිත වර්ණයෙන් තිබෙන නිසා මේ හෝටලයට ස්වභාවික අලංකාරයක් එකතු වී තිබෙනවා.

Green View හෝටලයේ නවාතැන් පහසුකම්ද තිබෙනවා. වායු සමීකරණය කරන ලද කාමර දහයක් මෙම හෝටලයේ තිබෙනවා. ඒ වගේම එම කාමර තුළ කුඩා මුළුතැන්ගෙයක්ද තිබෙන නිසා ඔබට අවශ්‍ය නම් ආහාර පිස ගැනීමටද හැකියාව තිබෙනවා.

කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලට නුදුරින් මෙම හෝටලය පිහිටා තිබීම නිසා ගුවන්තොටුපලට යන එන ඔබට මදක් මහන්සිය නිවා ගැනීමට මෙම හෝටලය පැමිණීමට හැකියාව තිබෙනවා. මෙම හෝටලයේ සිට මීගමු මුහුදු වෙරළට ඇත්තේද පැය භාගයක පමණ දුරක්.

මේ හෝටලයට පැමිණෙන ඔබ සඳහා නොමිලේ වයිෆයි ලබාදීමට ද මෙහි පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.

රාත්‍රී සාද පැවැත්වීමට ඉතා සහනදායී මුදලකට මෙම හෝටලය පාරිබෝගික ඔබට වෙන් කර ගත හැකි බව එහි පාලනාධිකාරිය පවසනවා. ඒ වගේම ඔබට ඔබේ හිත මිතුරන් සමග ඇවිත් මෙහි පිහිනුම් තටාකයේ ක්‍රීඩා කිරීමටද හැකියාව තිබෙනවා. ඒ වගේම වාහන නැවැත්වීමේ පහසුකම්ද Green View හෝටලයේ තිබෙනවා.

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග

20190428Hotel-(2) 20190428Hotel-(3) 20190428Hotel-(4) 20190428Hotel-(5) 20190428Hotel-(6) 20190428Hotel-(7) 20190428Hotel-(8) 20190428Hotel-(9) 20190428Hotel-(10)