සුඛෝපභෝගී පහසුකම් සහිත තෙවුණි රෙසෝට්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-21-ent-55

පාදුක්ක අරකාවිල ප්‍ර‘දේශය අගනුවරට ආසන්නයේ තිබෙන ඉතා සොඳුර ආකර්ෂණීය වූ ප්‍ර‘දේශයක්. කෙත්වතුවලින් හා මනරම් කඳු ගැටවලින් සමන්විත වූ මෙම ප්‍රදේශය තුළ තවමත් එදා තිබූ ග්‍රාමීය පරිසරය නොකිලිටිව පවතිනවා. සොබා සෞන්දර්යය අසීමිතව විඳගත හැකි ප්‍ර‘දේශයක් ලෙසද පාදුක්ක අරකාවිල හඳුන්වාදීමට පුළුවන්.

මෙම ප්‍ර‘දේශය වර්තමානයේ නගරබද ජීවත්වන ජනාතවගේ දැඩි ආකර්ෂණයට බදුන්වී තිබෙන අයුරුද දැකගත හැකියි. ඒ නිසාම ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙන්ම, එම ප්‍ර‘දේශයේ ජනතාවගේ සුවිශේෂිත අවස්ථා අලංකාරවත්ව හා අභිමානවත් අයුරින් ඉටු කරගැනීම සඳහා පහසුකම් නිර්මාණය වී තිබෙන අයුරුද අපට දැකගත හැකියි.

එවන් පහසුකම් සහිතව නිර්මාණය වූ සුඛෝපභෝගී ස්ථානයක් ලෙස ‘තෙවුණි’ රෙසෝට් හඳුන්වාදීමට පුළුවන්. අගනගරයේ තිබෙන තරු පංතියේ සංචාරක හෝටල්, උත්වශාලාවලට නොදෙවැනි ලෙස මෙය නිර්මාණය කිරීමට සභාපති පුෂ්පකුමාර මහතා විශාල කැපවීමක් කර තිබෙනවා. ඉතාම මනරම් පරිසරයක් තුළ සොබා දහමේ අපූරත්වය කදිමට විඳගැනීමට හැකි ලෙස මෙය නිර්මාණය කර තිබෙනවා.

‘තෙවුණි රෙසෝට්’ වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ විවාහ මංගල උත්සව සඳහායි. නමුත් වර්තමානයේ සුව පහසුකම් සහිත නිදන කාමර, විනෝදවීම සඳහා නාන තටාක ඇතුළුව සියලුම ප්‍රිය සම්භාෂණ, කාර්යාල සුහද හමු, සම්මන්ත්‍රණ පහසුකම් ඇතුළු සියලු අවශ්‍යතා සඳහා වෙන් කරගැනීමට හැකි පහසුකම් රාශියක් සහිත වූ ස්ථානයක් ලෙස සැමගේ ප්‍රසාදය දිනා තිබෙනවා.

තෙවුණි රෙසෝට් පවුලේ සියලු දෙනාට එකසේ විනෝදවීමට, නිවාඩුවක් ගත කිරීමට කදිම වූ තැනක්. නාන තටාක දෙකක් මෙහි පවතින අතර, එක් නාන තටාකයක් ස්වාභාවික උල්පත් ජලය යොදා ගනිමින් නිර්මාණය කර තිබෙනවා. එසේම පුංචි දරුවන් වෙනුවෙන් ළමා උද්‍යායක් පවතින අතර, විවිධ ක්‍රීඩා සඳහා ක්‍රීඩාංගණයකින්ද සමන්විත වෙනවා.

කාර්යාල සුහදහමු, අවුරුදු උත්සව ඇතුළු අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු ලෙස මෙය නිර්මාණය කර තිබෙන අයුරු දැකගත හැකිය. තෙවුණි රෙසෝට් හි උත්සව ශාලා 03කින් සමන්විතයි.

තරු හෝටලයක උත්සව ශාලා හා සමානව පහසුකම් සහිතව නිර්මාණය කිරීමට කටයුතු කළ බව පුෂ්පකුමාර මහතා සඳහන් කර සිටියා. තම ප්‍ර‘දේශයේ ජනතාවට තම අවශ්‍යතා සඳහා අගනගරයෙහි පවතින උත්සව ශාලා සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවන හෙයින් ඒ පහසුකම් අඩු මුදලකින් වඩාත් අලංකාවත් අයුරින් ඉටු කරගැනීමේ පහසුකම් සැයීම තම අරමුණ බවද ඒ මහතා අප හා පැවසුවා.

තෙවුණිහි උත්සව ශාලා 03කින් සමන්විත වෙනවා. ඒවා ‘තෙවුණි’, ‘ඩිනාර’ (VIP) හා ‘මෙත්නි’ ලෙස නම් කර තිබෙනවා. පෝරුව, සෙටිබැක්, පොල්තෙල් පහන, මල් සැරසිලි නොමිලේ ලබාදීමට කටයුතු කරන බවත්, ඡායාරූප වීඩියෝ ගත කිරීම සඳහා පසුතල නොමිලේ ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

‘තෙවුණි’ හි නවාතැන් පහසුකම් පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ හැකියි. දර්ශනීය කඳුගැට පෙළක් මත නිර්මාණය කළ නිදන කාමර කොටේජ් ලෙස පවතිනවා. සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිදන කාමර ලෙස මේවා පවතින අතර, එයටම වෙන්වූ නාන තාටකයකින්ද යුක්තයි. මෙම නිදන කාමර අලුත විවාහපත් යුවළ සඳහා, ව්‍යාපාරික ප්‍රජාව හා විදේශිකයන් අතරද වඩාත් ප්‍රසිද්ධව පවතින බව සඳහන් කළ හැකියි.

මෙවන් පහසුකම් රැසක් සහිත වූ ‘තෙවුණි’ ඔබගේ පවුලේ සියලු දෙනාට සේම, යොවුන් ඔබට විනෝද චාරිකාවක් සඳහාද වඩාත් ගැළපෙනවා. එසේම කාහටත් දිනක් ගත කිරීමට අගනා තැනක් ලෙසත් සඳහන් කළ හැකියි.

 

0773-539 335

ඡායාරූ සටහන - ශාන් බන්දු වීරසිංහ

 

2018-12-21-ent-52 2018-12-21-ent-53 2018-12-21-ent-54  2018-12-21-ent-56 2018-12-21-ent-57