සුරංගනාවියන් වහළයෙන් එන මහ රඟහල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

???????????????????????????????

2019-02-26-ent-153මේ  අපුරු රඟහල තිබෙන්නේ චීනයේ ෂින්ජියාන් ස්වායත්තයේ උරුමුචි නගරයේය. ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම  නිර්මාණයක් ලෙස  හඳුන්වන්න පුළුවනි. මෙය නිර්මාණය කර තිබෙන්නේ ගෝලාකාර හැඩයකටය. බොහෝ දෙනා මෙය හඳුන්වන්නේ විස්මිත නිර්මානයක් හැටියටය බහු ජාතීන් වෙසෙන මෙම ෂින්ජියාන්  ස්වායත්තයේ පොහොසත් නිර්මාණශීලීත්වය ලෝකයට පෙන්වන කැඩපතක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවනි. මෙහි සනීපාරක්ෂක පද්ධතිය  පවා නිර්මාණය කර ඇත්තේ විසිතුරු නිමාවකටය. අපි මොහොතකට මෙම රඟහලේ  ඇතුළතට ගිහින් බලමු.

ආසන ඔක්කොම තනා ඇත්තේ වෙදීකාවේ රඟ දැක්වෙන සියල්ල පැහැදිලිව දර්ශනය කර ගත හැකි විදියටයි. ප්‍රධාන වේදිකාවට දෙපසින් සුවිශාල ඩිජිටල් තිර දෙකකින් සමන්විතය.  එය  3D හෙවත් ත්‍රිමාන දර්ශන  තිරයන්ය. එදා සේද මාවතේ සංස්කෘතිය තේමා කරගත්  නාට්‍යමය ප්‍රසංගයක් මෙහිදී රඟ  දැක්වේ. ඒ  රමණීය අවස්තාව අප අතීයට රැගෙන යන්නේ සජීවීව සියල්ල මේ වේදිකාව මත මැවෙන නිසාය. මෙහි ඇති ප්‍රධාන වේදිකාවේ ඇති අපුර්ත්වය වචනයෙන් විස්තර කල නොහැකි තරමට විශ්මය ගෙන දෙයි. රඟ  දැක්වෙන ප්‍රසංගයේ තේමාවට අදාලව , මේ වේදිකාව මත ජල  පොකුණු මැවේ. එය සැබෑ  ජල පොකුණුය. ඒ මත බැස  සුන්දර නර්තනාවියන් නර්තනයේ යෙදේ. තවත් විටෙක දිය ඇලි මැවේ. නර්තානවියක් සඳ මත සිට රැඟුමක් රඟයි.  එය දර්ශනය වන්නේ සැබෑ ලෙස සඳ මත සිටින්නාක් මෙනි. සේද මාවතේ කතාවට අදාලව යුද්ධයක් මැවේ. එහිදී ඔටුවන්. මෙන්ම අශ්වයින් දැක ගත හැකිය.  ඒවා අනුරූ  නොවේ. සැබෑ අශ්වයින් සහ ඔටුවන්ය. මෙහි අප විශ්මයට පත් කරවන තවත් සුවිශේෂී අවස්තාවක් වන්නේ රඟහල ඇතුලත පියස්ස මතින් සුන්දර සුරංගනාවියන් පාව නරඹන්නන් වෙත ඒමයි. වලාකුළු වියන මතින් බැස විත් ඔවුන් අපට ටොෆි චොකලට් ලබාදී යයි. මේ සියල්ල හමුවේ නරඹන්නන් කුල්මත් වන්නේ සැබෑ අත්දැකීමක ආශ්වාදය වින්දනය කිරීමට මේ රඟහල නිර්මාණය වී ඇති අපුර්ත්වය නිසාමය. ෂින්ජියාන්  මහා රඟහල යනු ඇත්තෙන්ම විටෙක මැජික් පෙන්වන ස්ථානයක්   වගේය. මෙහි ඇති water screen හෙවත් ජල  තිරය මතින් මැවෙන  වර්ණවත් ආලෝක රටා ඇත්තෙන්ම පුදුමයකි. මේ පුදුම සහගත රඟහල යනු ජීවිතයේ එක්  වතාවක් හෝ යා යුතු තැනකි.

 

සටහන /ජායාරුප  - සඳුන් ගමගේ

 

??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????  ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????