සේද මාවතේ චාරිකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-20-ent-69

no 66 middle school in urumqi

Sadun-logoමිඩ්ල් ස්කූල් 66 නමින් හැඳින්වෙන මෙම පාසැල ඇත්තේ චීනයේ ෂින්ජියාන් ස්වායත්තයේ උරුමුචි නගරයේය. උයිගුරු ඇතුළු විවිධ ජාතීන් වලට අයත් ළමෝ මෙහි නේවාසිකව අධ්‍යාපනය ලබති. ඔවුන් ඈත දුර පළාත්වල සිට මෙතනට පැමිණ අධ්‍යාපනය ලබන දරුවෝ වෙති.

අඩු ආදායම්ලාභී දුෂ්කර පලාත්වල වෙසෙන පවුල්වලට අයත් මේ දරුවන්ට මෙවැනි පාසලකට පැමිණ ඉතා හොඳින් අධ්‍යාපනය ලබා සමාජ ගත කර වීමේ වැඩ පිළිවෙල අනුව චීන රජය මේ ආයතන සඳහා විශේෂ සහන සළසා ඇත. ඔවුන්ගේ ඇඳුම ජාත්‍යන්තර පාසලක නිල ඇඳුමකට සමානය. වෛද්‍ය පහසුකම් නොමිලේය,  සෑම ළමයෙකුගේම  සවුඛ්‍ය වාර්තාවක් ඇත, ආහාර පාන නොමිලයේ සැපයේ. මවුපියන්ට කතා කිරීමට දුරකථන ගණනාවකින් යුතු කාමරයක් වෙනම ඇත. ශීත කාලයේදී, උණුසුම සඳහා වන සියල්ල සැපයේ, ළමයින්ගේ කාමර හරියට ගෙදර වගේය. චීනයේ බහු ජාතිකයින් වෙසෙන මෙම උයුගුරු ස්වායත්ත්යේ දරුවන්ට චීන බසද ඉගැන්වේ. අපි චීනයට ආදරෙයි. අපි විවිධ ජාතීන් වලට අයත් වුනත් අපට දැනෙන්නේ අපි ඔක්කෝම එක මවකගේ දරුවෝ වගෙයි. අපි චීනයට ආදරේ වගේම, අපිව බලන්න ආව ඔයාලටත් අපි හරිම ආදරෙයි. මනුෂ්‍යත්වයට වඩා සමීපව ඔවුන් එලෙස පවසයි.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ 

 

2019-02-20-ent-62 2019-02-20-ent-63 2019-02-20-ent-64 2019-02-20-ent-65 2019-02-20-ent-66 2019-02-20-ent-67 2019-02-20-ent-68  2019-02-20-ent-70 2019-02-20-ent-71 2019-02-20-ent-72 2019-02-20-ent-73 2019-02-20-ent-74