The Boundary - කතරගම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-28-ent-90

වසරක් ගෙවී නව වසරක් උදාවෙමින් තිබේ. ගෙවී ගිය වසරේ සංචාරකයන් තුළින් ලබාගත් සතුටු දනවන අත්දැකීම් වගේම, එසේ නොවුණ අත්දැකීම්ද තිබෙන්නට පුළුවන්.

නව වසරේ වඩාත් සතුටින්, විනෝදයෙන් නැවුම් වූ අත්දැකීම් ලබාගැනීමට කැමැත්ත, උවමනාව ඔබ කාහටත් තිබෙනවා විය හැකියි. මිත්‍රයන් සමග වගේම, පවුලේ අය සමග විනෝද චාරිකාවක් යන්න වැඩි දෙනාගේ කැමැත්ත දනවන සංචාරක ප්‍ර‘දේශ අතරින් ප්‍රමුඛ වන කතරගම ප්‍ර‘දේශයට සංචාරය කරන්න නව වසර්දීත් මුලින්ම ඔබගේ කැමැත්ත තිබෙන්න පුළුවන්.

මෙම සංචාරයේ දී කතරගම දේවාලය, කිරිවෙහෙර, වැඩිහිටි කන්ද, වල්ලිඅම්මා ගුහාව, ශ්‍රී සත්පත්තිනි කැලේ දේවාලය, සිතුල්පව්ව විශේෂයෙන්ම කැපි පෙනෙනවා. මෙකී පුදබිම් වගේම විනෝදය සඳහා සුවිශේෂිත සංචාරක ස්ථාන ලෙස යාල හා කටගමුව බොහෝ දෙනාගේ සිත්ගත් ස්ථාන ලෙස හඳුන්වාදීමට පුළුවන්.

මෙවන් විවිධ අවශ්‍යතා සඳහා පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයන්ට පහසුකම් සැපයීමට කතරගම පුරාවට සංචාරක හෝටල්, නිවාඩු නිකේතනද බහුලව ඉදිකර තිබෙනවා. ඒ අතරින් ඔබට ඔබගේ පවුලේ අය නැතහොත් මිතුරන් සමග යන සංචාරයකට ඉතා ගැළපෙන තැනක් ලෙස ‘The Boundary’ හඳුන්වාදීමට පුළුවන්.

The Boundary නිර්මාණය කර තිබෙන්නේද ඉතාම ආකර්ෂණීය වූ තැනක වීම දෙස්විදෙස් සංචාරක ආකර්ෂණය ලැබීමට හේතුවී ඇති බව සඳහන් කළ හැකියි. ‘The Boundary’ කතරගම සිතුල් පව්ව මාර්ගයේ කි.මී.02ක් පමණ දුරකින් පිහිටා තිබෙනවා. නරගයෙන් ඈත්ව ඉතා රමණිය වූ සොබා දහමේ අපූර්වත්වය කදිමට විඳගත හැකි ලෙස මෙය නිර්මාණය කිරීමට කළමනාකාර අධ්‍යක්‍ෂක කපිල හෙට්ටිආරච්චි මහතා සැලසුම් කර තිබෙනවා. ‘The Boundary’ සංචාරයන්ට තවත් වැදගත් වන්නේ මෙහි සිට සිතුල්පව්ව, යාල, ගටගමුව, තිස්සමහාරාමය ඇතුළු සියලු පූජනීය හා සංචාරක ස්ථාන සඳහා පහසුම තැනක් ලෙස පැවැතීමයි. නිදහස, නිස්කලංක බවද මෙහි කදිමට විඳගැනීමට හැකියි. මෙය අක්කර 03ක භූමි ප්‍රමාණයක් තුළ සිත් ඇඳ බැඳගන්නා අයුරින් නිර්මාණය කර තිබෙනවා. මෙහි පැමිණෙන සංචාරකයන්ට රිසි සේ ඇවිදිමින් සොබා දහමේ අපූර්වත්වය කදිමට විඳගැනීමට හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා. යාන, වාහනවල ශබ්දවලින් තොරව ගහකොළ කුරුලු ශබ්ද පමණක් විඳගැනීමට හැකි පරිසරයක් මෙහි දැකගත හැකියි.

මෙහි නිදන කාමර නිර්මාණය කර ඇත්තේද කොටේජ් ලෙසිනි. මෙහි කොටේජ් 02ක් හා House එකක් පවතින අතර, කොටේජ් දෙකෙහි 24 දෙනෙකුට පහසුකම් පවතිනවා. ‘Tented’ හි (කුඩාරම්) 16 දෙනෙකුට හොඳින් නවාතැන් ගැනීමට හැකි බව කපිල හෙට්ටිආරච්චි මහතා අප හා සඳහන් කර සිටියා.

මෙහි යන සංචාරකයන්ට විශේෂයෙන් දේශීය ආහාර ප්‍රණීතව ලබාගැනීම හැකියාව පවතින බවද ඔහු තවදුරටත් සඳහන් කළා. පිට්ටු, රොටි, ඉඳිආප්ප, ආප්ප හා ප්‍ර‘‘දේශයට ආවේණික වූ පලාවර්ග, එළවළු, අල වර්ග හා විශේෂයෙන්ම වැව්මාළු ඒ අතරින් සුවිශේෂයයි. එසේම රාත්‍රියට B.B.Q හා සංචාර රසය විඳීමට අවශ්‍ය පහසුකම්ද මෙහිදී ලබාගැනීමට හැකියාව පවතිනවා.

‘The Boundary’ වෙත යන බැතිමතුන් සඳහා පූජාවට අවශ්‍ය කිරිබත් ඇතුළු අවශ්‍යතා සකසා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන බවද කපිල හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසා සිටියා.

 

www.theboundaryyala.com

0714-901426

සටහන හා ඡායාරූප - ශාන් බන්දු වීරසිංහ

 

2018-12-28-ent-93 2018-12-28-ent-85 2018-12-28-ent-86 2018-12-28-ent-87 2018-12-28-ent-88 2018-12-28-ent-89  2018-12-28-ent-91 2018-12-28-ent-92