බොලිවුඩ් පුරවරයම කම්පාවට පත් කරමින්, ප්‍රියංකා චොප්රා කඳුළු පුරෝගෙන කී කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"මගේ වෛද්‍ය ඉතිහාසය ගැන ඔබට මා පැවසිය යුතු නෑ.. මගේ සෞඛ්‍ය හොදින් තිබුනේ නම් මගේ දුව මම කුසේ තබාගෙන බිහි කරන්න අකමැති වෙන්නේ කුමකටද? ඒත් මගේ සෞඛ්‍ය සහ වයස හේතුවෙන් මගේ දරුවාට ආදේශක මවක් අවශ්‍ය වූවා.."

"මිනිසුන් මා ගැන නුසුදුසු දේ කතා කරන විට, ඒවා අහන්නට මම ශක්තිමත්... ඒත් මගේ දුව ගැන කතා කවුරු හරි ඒ අයුරින් කරනකොට මට හරිම වේදනාවක් දැනෙනවා.. ඒ මගේ දරුවා.. ඒ නිසා මමත් ඇගේ පියාත් ඇයව එවැනි කතා නොඇසෙන සේ ජීවත් කරන්නට තීරණය කළා.."

"මගේත් සැමියාගේත් ජීවිතයේ මේ ගෙවෙන පරිච්ඡේදය තුල ඇත්තටම අපේ දුවව ආරක්ෂා කිරීමටත් ඇයව ඕපාදූපයක් බවට පත් නොවීමටත් අපි ඇගේ අනන්‍යතාවයක් සඟවන්න තීරණය කළා.. ඇය වැඩෙන විට ඇයට රිසිදේ ඇය කරාවි.. එතෙක්, අපි ඇයට සමාජයේ ශක්තිමත්ව සිටින්නට උගන්වනවා.."

40 හැවිරිදි ප්‍රියංකා චොප්රා, බ්‍රිතාන්‍ය වෝග් සඟරාව සමඟ මෙම සතිය මුලදී සිය පළමු උපන්දිනය සැමරූ දියණිය මල්ති මාරිට මවක් ලෙස මාතෘත්වය සහ ජීවිතය පිළිබඳ ඇගේ ජීවිත තොරතුරු බෙදාගත් අතර, දරුවාගේ උපත වෙනුවෙන් බොහෝ මිනිසුන් ඇයට කල දෝශාරෝපන වලට පළමුවතාවට ඇය මෙහිදී පිළිතුරු දී තිබුණා.

ඇගේ රෝගී තත්වයත්, දරුවා බිහි වූ පසුව බොහෝ මිනිසුන්ගෙන් ඇයට එල්ල වූ චෝදනා එනම් නිළියක් නිසා ශරීර සහ රූප වෙනස් කම් වලට බියෙන් දරුවා කුසෙහි හොවා නොගැනීම ආදී දෝශාරෝපනය වලට ඇය මෙහිදී පිළිතුරු දී තිබුණා.

ඒ ඇසූ අවලාද නිසාම ඒ කතා කියූ නරුම මිනිසුන්ට දරුවාගේ රුව නොපෙන්වා සිටීමට නික් සහ ප්‍රියංකා තීරණය කෙරූ බවයි අවසානයේ සාරාංශ ගත ලිපියේ සදහන් වන්නේ.

Mmp Ranaweera
Indian Cinema Fan Club
භාරත සිනමා රසික සංසදය