රිතික්ගේ පෙම්වතිය සබා සිය අලුත්ම ගීතය එළිදක්වයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානයේ සුපිරි බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන්ගේ පෙම්වතිය බවට පත්ව සිටින සබා අසාද්ගේ අලුත්ම ගීතයක් නුදුරේම රසවිඳිමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාවක් උදා වෙයි. මේ දිනවල එම ගීතයට අදාලා රූප රචනාවේ වැඩ කටයුතු සිදුවෙමින් පවතින අතර, නත්තල් සතියේදී මෙම ගීතයට අසන්නටත් දකින්නටත් ලැබෙනු ඇත.

කෙසේ වෙතත්, මෙම ගීතයට අදාලාව ප්‍රචාරක පටයක් සබා විසින් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ පළ කර තිබුණ අතර, ඊට මුලින්ම සුබ පතා තිබුණේ ඇගේ ආදරණිය පෙම්වතා වූ රිතික් රෝෂන් බව සඳහන් වෙයි. වැඩියමක් ඊට දායක කරගෙන නොතිබුණ රිතික් ඒක ලස්සනයි. හරියට ඔබ වගේ යැයි කෙටි සටහනක් මීට තබා තිබුණි.