චිරංජිව්ගේ ‘ගෝඩ් ෆාදර්’ චිත්‍රපටයේ නැටුම් උපදේශක තනතුර ප්‍රභුට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මොහාන් රාජා විසින් අධ්‍යක්ෂණය කරන ‘ගෝඩ් ෆාදර්’ තෙළිඟු චිත්‍රපටයේ චිරංජිව් හා සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් රංගනයෙන් දායක වෙන ගීතයක රූපගත කිරිම් මීට දින කිහිපයකට පෙර සිදු කරනු ලැබීය. මෙහි නර්තන උපදේශකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ දකුණු ඉන්දීය සිනමා නළු ප්‍රභුදේවා. ඔහු මෙම කාර්යයට තෝරාගෙන ඇත්තේ සල්මාන්ගේ ඉල්ලීමකට බව සහන් වෙයි.

මලයාලම් බ්ලොක්බාස්ටර් චිත්‍රපටයක් වන 'ලුසිෆර්' හි ප්‍රති නිර්මාණය වන මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වනවිට අවසන් කර තිබේ. චිරංජිව්, සල්මන් සමගින් මෙහි නයන්තරාද රංගනයෙන් දායක වෙන බවට තොරතුරු ලැබේ. චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතය.