ටුව්ලයිට් සිනමා තරුව මවක් වීමට සූදානමින්

  • 25-08-2022

ආදායම් උපයා ගැනීම අතින් ඉහළ සාර්ථකත්වයක් ලැබු ‘ටුව්ලයිට්’ චිත්‍රපට මාලාවේ උප ප්‍රධාන චරිතයක් වූ ඇලිස් කලන්ට පණ දුන් ඇශ්ලි ග්‍රීන් මේ වනවිට මවක් වීමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

ඇශ්ලි මේ වනවිට රෙගී ගී තරුවක් වන පෝල් කෞරි සමගින් විවාහ වී සිටින අතර, ඔවුන්ගේ පළමු දරුවා මෙය බව සඳහන් වෙයි. 35 වැනි වියෙහි පසුවන ඇශ්ලි තමන් මේ වනවිට සිය පළමු දරු ප්‍රසුතිය සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් සිටින බව පවසයි.