අධ්‍යක්ෂවරියක් වූණ ඩිෂා පටානිගේ අලුත් වැඩේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම දුටු ඩිෂා පටානි මේ වනවිට අධ්‍යක්ෂවරියක්ද වී ඇත. ඒ මියුසික් විඩියෝවක් අධ්‍යක්ෂණය කරමිනි. ඇය මීට පෙර වතාවන් දෙකකදී මියුසික් විඩියෝ සඳහා පෙනී සිට ඇති අතර, ඇයගේ තුන්වැනි මියුසික් විඩියෝව ඇය විසින්ම අධ්‍යක්ෂණය කිරීම විශේෂත්වයකි.

ඇය කුළුදුලේ අධ්‍යක්ෂණය කරනු ලැබු ගීතය නම් කර ඇත්තේ කියුන් කරු ෆිකාර් ලෙසිනි. මෙම ගීතය ගායනා කර ඇත්තේ නිකිතා ගාන්ධි වන අතර, පද රචනය සිදු කර ඇත්තේ වායු ය. සංගීතය විභව් පානිගෙනි. මියුසික් විඩියෝවේ පෙනී සිටින්නේද එය අධ්‍යක්ෂණය කළ ඩිෂා පටානිය.