අලුත් මනාලිය කැන්දාගෙන එන්න රිතික් අලුත් නිවසක් ගත්තාද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නුදුරේම විවාහ වනු ඇතැයි අපේක්ෂා කරන සුපිරි නළු රිතික් රෝෂන් හා ඔහුගේ පෙම්වතිය වන ෂාබා අසාද් ගැන මේ වනවිට නොදන්නා කෙනෙකු නැති තරම්ය. මිට දින කිහිපයකට පෙර රිතික් අලුත් මහල් ගොඩනැගිල්ලක් මිළඳි ගත් බවට තොරතුරු වාර්තා වෙන අතර එය ජූහි ප්‍රදේශයේ පිහිටා තිබේ.

මීට පෙර රිතික්, සිනමා නළු ආක්ෂේ කුමාර්, චිත්‍රපට නිෂ්පාදක සජිද් නදිඩ්වාලා ඇතුළු සිනමා තරු බොහෝමයක් සිටින මුම්බායි දකුණු මුහුදු තිරයේ පිහිටි නිවසක පදිංචිව සිටි අතර, 2014 වසරේදී සූසෑන් ඛාන්ගෙන් වෙන්වීමත් සමග ඔහු එම නිවස අත්හැර දමා තිබුණ බව සඳහන් වෙයි.