අලුත්ම The Hunger Games චිත්‍රපටයට ජෙනිෆර් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

The Hunger Games චිත්‍රපට මාලාව හරහා ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම ඔසවා තැබූ ජෙනිෆර් ලොරේන්ස් මේ වසරේ ප්‍රදර්ශනය වීමට නියමිත The Hunger Games: The Ballad of Songbirds and Snakes චිත්‍රපටය සඳහා තෝරා ගෙන නොමැති බව සඳහන් වෙයි.

මෙය අලුත් නළුනිළියන් පිරිසක් යොදාගෙන කරන නව කතාවක් වන නිසාවෙන් මෙහි ජෙනිෆර්ගේ හා ජොෂ් හචර්සන් දෙදෙනගේ චරිත ඉවත් කළ බව චිත්‍රපට අධ්‍යක්ෂක ෆ්‍රැන්සිස් ලෝරන්ස් පවසා තිබේ. ඔහු දැනට තිරගත වූ The Hunger Games තුනක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයාද වෙයි. The Hunger Games: The Ballad of Songbirds and Snakes චිත්‍රපටය ලබන වසරේ නොවැම්බර් 17 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.