ආයුෂ් ෂර්මාගේ උපන්දිනය මහා ඉහළින් සැමරූ ආර්පිතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි නළු සල්මාන් ඛාන්ගේ හදාගත් නැඟෙණිය වූ ආර්පිතා ඛාන් සිය සැමියාගේ 32 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර සිය මුම්බායි නිවසේ මහා ඉහළින් සැමරූ බව සඳහන් වෙයි. මීට සල්මාන් පවුල නියෝජනය කරමින් සල්මාන්, සොහයිල් හා ආර්බාස් ඇතුළු ඛාන් පවුලේ සාමාජිකයන් සියලු දෙනාම පාහේ මෙම උත්සවයට සහභාගි වී සිටියහ.

එමෙන්ම සොනක්ෂි සින්හා ඇයගේ පෙම්වතා සහිර් ඉක්බාල් සමගින් පළමු වතාවට ප්‍රසිද්ධියේ දකින්නට ලැබුණේද මෙම උපන්දින සාදයේදීයි. ඔවුන්ට අමතරව චන්කේ පාණ්ඩේ, ලුලීයා වැන්තර්, චිත්‍රපට අධ්‍යක්ෂක සජිද් නදිඩ්වාලා  ඇතුළු තරු රැසක්ද ඊට සහභාගි වී සිටියහ.