එක පළ කිරීමකට ඩොලර් මිලියනයක් සොයන ඩිවෝන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකයේ සිටින ඉහළම ආදායමක් ලබන නළුවා බවට වර්තමානයේ පත්ව සිටින හිටපු මල්ලවපොර ශූර ඩිවෝන් ජොන්සන් මේ වනවිට සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා ඉහළ ආදායමක් ලබන සිනමා තරුවක් බවට පත්ව ඇත.

ඔහුගේ ඉන්ටර්ග්‍රෑම්ස් ගිණුම තුළ මේ වනවිට මිලියන 342කට වඩ වැඩි අනුගාමිකයින් පිරිසක් සිටින අතර, සිය ගිණුමේ පළ කිරීමකට ඔහුට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7ක මුදලක් යම්කිසි ආයතනයෙන් ගෙවන බව සඳහන් වෙයි.

එය නිරූපිකා කයිලි ජෙනියර් හා පාපන්දු ක්‍රීඩක රොනල්ඩෝට පසුව පළ කිරීමට ගෙවන ඉහළම මුදල ලෙසද වාර්තා වෙයි. මිට දින කිහිපයකට පෙර ඔහු සිය අලුත්ම චිත්‍රපටය වූ ‘බ්ලැක් ඇඩම්’ හි ගත් ඡායාරූපයක් පළ කර තිබුණ අතර, එය මිලියන 200කට අසන්න පිරිසක් නරඹා ප්‍රතිචාර දක්වාද තිබුණ බව වාර්තා වෙයි.