කත්‍රිනා ‘පතන්’ චිත්‍රපටය වෙනුවෙන් අපුරු ප්‍රචාරක කටයුත්තක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තිරගත වෙන්නට දින කිහිපයක් ඉතිරිව තිබියදී සුපිරි බොලිවුඩ් සිනමා නිළි කත්‍රිනා කයිෆ් ‘පතන්’ චිත්‍රපටය වෙනුවෙන් අපුරූ ප්‍රචාරක කටයුත්තක් නිරතව සිටිනු දක්නට ලැබුණි. ඇය සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමේ තමන් ‘ටයිගර්’ චිත්‍රපටයේ පෙනි සිටින ඡායාරූපයක්ද යොදාගෙන ‘මගේ මිතුරා පතාන් භයානක මෙහෙයුමක යෙදී සිටී. ඔබ මේ ගැන කිසිවක් හෙළි නොකිරීම ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ඉතා වැදගත්.’ යන්න සඳහන් පෝස්ටුවක් ප්‍රසිද්ධ කර ඇත.

එම සටහනට යටින් ඇය ‘ටයිගර්’ චිත්‍රපටයේ පෙනි සිටින චරිතයේ නම සෝයා ලෙස සඳහන් කර තිබුණ අතර, මෙය ‘පතන්’ චිත්‍රපටය උපයෝගී කරගෙන මේ වසරේම ප්‍රදර්ශනය වීමට සූදානම් කර තිබෙන ‘ටයිගර්’ තුන්වැනි චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තක්ද යන්න බොහෝ පිරිසකට මේ හරහා ප්‍රශ්නාර්ථයක් ගොඩ නැගි තිබේ.