කියාරා සිය පෙම්වතා සමග අලුත් චිත්‍රපටයක රඟපායි

  • 21-08-2022

වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියතම පෙම්වතුන් යුවළ ලෙස කියාරා අද්වානි හා සිද්ධාර්ත් මල්හෝත්‍රා හැඳින්විය හැකිය. පසුගිය කාලයේ එකිනෙකා වෙන්වූ බවට කට කතා පැතිර ගියමුත් ඔවුන්ගේ ප්‍රේමය තවමත් එළෙසින්ම පවතින බවට තොරතුරු වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනා එකට රංගනයෙන් දායක වූ ‘ෂර්ෂා’ චිත්‍රපටය ප්‍රදර්ශනය වී වසර දෙකක කාලයක් පසුගිය අගෝස්තු 12 වැනිදට ගත වී තිබුණි. ඒ වෙනුවෙන් කියාරා මෙන්ම සිද්ධාර්ත්ද සිය සමාජ පිටු හරහා තම රසික පිරිස් සමගින් සම්බන්ධ විය. එහිදි ඇය පවසා තිබුණේ තමන් හා සිද්ධාර්ත් තවත් මාස කිහිපයකින් අලුත් චිත්‍රපටයක් හරහාද ප්‍රේක්ෂකයින්ට දැකබල ගැනීමට හැකියාව පවතින බවය.