චිරංජිව් සිය වැටුපෙන් කෝටි 10ක් කපා හැරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ තිරගත වූ වෝල්ටර් විරයියා, ගෝඩ් පාදර් වැනි අති සාර්ථක චිත්‍රපටවල රඟපෑ චිරංජිව්ගේ චිත්‍රපටයක් මේ දිනවල අසාර්ථක වී ඇත. ඒ අනිල් සුකර නිෂ්පාදනය කළ බෝලා ශංකර් චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය මෙසේ අසාර්ථක වී ඇත්තේ රාජිණිගේ ජේලර්, ආක්ෂේගේ ඕ මයි ගෝඩ්, සනි ඩියොල්ගේ ගඩාර් දෙවැන්න අති සාර්ථක ලෙස ප්‍රදර්ශනය වීම හේතුවෙනි.

චිත්‍රපට රංගනයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 65ක මුදලක් අය කරන චිරංජිව් බෝලා ශංකර් අසාර්ථක වීම හේතුවෙන් සිය වැටුප කප්පාදු කිරීමට තිරණය කර තිබේ. ඒ අනුව ඉන්දීය රුපියල් කෝටි 10ක මුදලක් නැවතත් ඔහු චිත්‍රපට නිෂ්පාදක අනිල් සුකරට ගෙවා තිබෙන බව දැන ගැනීමට ලැබේ. බෝලා ශංකර් චිත්‍රපටය තිරගත වු කාලයේදි උපයා ගැනීමට සමත්ව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 30ක මුදලකි.