දිපීකා ‘ෆයිටර්’ චිත්‍රපටයේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලබන වසරේ ජනවාරි 25 වැනිදා සිනමා ශාලා තුළ දකින්නට ලැබෙන ෆයිටර් චිත්‍රපටයේ ඡායාරූපයක් මේ වනවිට එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන දිපීකා පදුකෝන් විසින් සිය සමාජ පිටු හරහා බෙදාගෙන තිබේ. චිත්‍රපටයේ ඇය පෙනී සිටින්නේ සුපිරි නළු රිතික් රෝෂන් සමගය.

රිතික් හා ඇය බොලිවුඩ් සිනමා තිරයේ දකින පළමු වතාව මෙය වීම විශේෂත්වයකි. ඔවුන්ට අමතරව අනිල් කපූර්ද මෙහි රංගනයෙන් දායක වෙයි. චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ ඉන්දියාවෙන් බිහිවු සුපිරිතම ගුවන් භටයින්ගේ කණ්ඩායමක් වටාය. මෙම චිත්‍රපටය සිද්ධාර්ත් ආනන්ද්ගේ නිර්මාණයක් වන අතර, ඔහු පතාන් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාද වෙයි.